Tuesday 6 December 2016

ගිටාරය නම් ඇය



රළු වුවත් හඬ සියුම්
දැනෙයි දැඟිලි තුඩට
මේ රැයෙහි නුබ මගෙයි
වැට බඳී තනිකමට...
මගේ උකුලේ සුව සොයයි
බදා දෝතින් ඇයව
දවා අළු කල හැකිය
ඕ දනිති මගේ හැඟුම්...
ඉඩ හසර දෙවයි ඈ
සරන්නට සිතැඟි ලෙස
දෑස් පිය වුනි සුවට
අඳුරේදිහි අගේ ජවය...
දිනෙන් දින නැවුම් වන
අපේ දෙහදේ බැඳුම
යලි පතමි නුඹේ ඇසුර
නොලඳ සුව ලබන්නට... 

16 comments:

  1. මේකෙ තේරුම ගැහැනියකට සම කරන්නත් පුළුවන් ගිටාර් එකකටත් නියමෙටම සම කරන්ට පුළුවන්.

    කවි ගී කියවන්ට කිසිම කැමැත්තක් නැති උනත් මේකෙ ඩබල් මීනින් එක මරුවටම ගැලපෙනව 👊🏽

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලාන්. ගිටාරය ඇත්තටම ස්ත්‍රියකගේ උඩු කයට සමයි. එතරමට සුන්දරයි...

      Delete
  2. තවම සොඳුරුයි අපේ පෙම්දම සුවඳ විහිදෙයි මිහිරැතී
    ගතම පිබිදෙන නුඹේ ස්පර්ශයෙන් තව තවත් ඇතිවෙයි කිතී
    එකම ගමනක ලබන්නට ජය නුඹයි මමයි හොදටම ඇතී
    රැයම තරුණයි ප්‍රියේ අපහට තවත් බාධාවන් නැතී..........
    --------ගිටාරය----------

    අලුත් ආරෙක ලස්සන කවක්.
    ජයවේවා!!!



    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ස්තුතියි දුමින්ද. ඔබත් ඉස්තරම් කවියෙක්...

      Delete
  3. ඔව් එකත් හරි. හැබැයි හරියට ටියුන් කලේ නැත්නම් අවුට් යනවා. ඒ නිසා හරියට ටියුන් කරලා තමයි දෙකම ප්‍රෙයා්ජනයට ගන්න ඕන.

    ReplyDelete
  4. හ්ම්ම්... මල් මල්ලිත් දන්නවා එහෙනම්...

    ReplyDelete
  5. හොඳ සැසඳීමක්....ලස්සන කවියක්..ෆිලෝ ගිටාරයට බොහොම ආදරෙයි වගේ :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුණ... ඇත්තටම ඔව්..

      Delete
  6. බලාගෙන ගිටාර් ගහන්නෙ....තත් ටික පරිස්සම් කරලා ගහන් ගහන එකක් නැත්තන් කැඩෙයි ඔව්වා.....

    ReplyDelete
    Replies
    1. ගුත්තිලත් තත් කැඩුවා. ඉතින් අපි පොඩ්ඩක් කැඩුවම මොකෝ රෝමා ...

      Delete
  7. මටනම් කවියක් කියන්නේ මෙන්න මේ වගේ නිර්මාණයකට, සදැස් ද නිසදැස් කියන කාරණාව නෙවෙයි, ගුරුකුලයත් නෙවෙයි ව්‍යංගය පිරුණු සිතුවිල්ලක සුනම්‍ය භාෂා එළිදැක්වීම....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බුද්දික ඔබගේ අදහසට...

      Delete
  8. ලියන්න බොහෝදේ ඇත! සුන්දර කවියක්!

    ReplyDelete

කේරල ගංජා හා කල්ලූ මලයාලම් ගුරුකම්

                                                  මේක දවස් කීයපක ඉදලා ලියන්න ඕනා කියලා හිතාගෙන හිටපු දෙයක්. කතාව මෙහෙම පටන් ගන්නම්​කො. කේරලය...