Friday 24 May 2024

බලධාරියා සර්වද?





බහුතරයකට තමන් දන්නා දේට එහෙමත් නැතිනම් තමන් විස්වාස කරන්ට දේට පරිබහරින් වෙනත් කෙනෙක් දෙයක් දන්නේ නම් නැතිනම් විස්වාසයක් ඇතිනම්, අනේකාට ඇහුම්කන් වත් නොදි මගහැරිම නැතිනම් බැහර කිරිම තමන් නොදන්නා දෙයක් දැනගන්නට තිබු අවස්තාවක් මග හැරිම්ක්ය. ඒක තමන් සියල්ලම දන්නවා, මන් දන්න දේ විතරමයි හරි කියන්න දරන ප්‍රයත්නයකි. අනික තව කෙනෙක්ට අහුම්කන් දුන්නාය, නැතිනම් කියු දේ සත්‍ය යැයි වැටහීමෙන් පමනක්ම මගේ මතය යම් තාක් දුරකට හෝ සම්පුරණයෙනම වෙනස් කරගැනීම උචිතද? ඒ අනෙකා දන්නා දේ මා දන්නා දේට වඩා වටින්නේද නැද්ද යන්න වත් මට නිශ්චිතවම නීරනය කරගන්න මා ලග මිනුම්ක් තියෙනවාද? තියෙනවා නම් එය මා කලින් මැන තිබු මා පිලිගත් දේ සහ දැන් මනින්නට යන දේ සමානව හෝ අනෙකට සාපෙක්දව වත් මැන ගන්න පුලුවන් නම් මගේ මිනුම් දන්ඩට මනින්න පුලුවන් පරාසය මා විසින් ප්‍රසාරනය කරගැනිමක් වැනිය. එය මා දන්නා දේ සහ අනෙකා දන්නා දේ සන්සන්දනය කිරිමක්, එහෙමත් නැතිනම මා විශ්වාස කරනා දේ අනේකාගේ විශ්වාසයන් අතර මට සහ අනේකාට තෙරුම් නොතෙරෙන තැන් මුහුම් වන තැනක් ආල්ලා හැනිමට හැකිවේවි. ඒය මා දන්නා යම් දෙයක් අනෙකාගෙ විශ්වාසයක් වුවහොත්? තමා හොදින්ම විශ්වාස කරන්නේ තමන් කිසිදිනක නොදන්නා දෙයක්! ඒක එහෙම නෙවන්නේ කෙසෙද? මම හොදිනම දන්නා දෙයක් වේ නම් එහි  විශ්වාස කරන්න ඉතිරියක් තියෙද? කලක්දි පතුලටම ගොස් අත ගා බලා ප්‍රත්‍යක්ශ කල සමහර දැනුම් අද පුස්සක් වෙලා. ඒ කලින් කලට අවසතාවන් මග නොහැර මාගේ මිනුම් දන්ඩට සමපාත වෙන තැනින් අනෙකාව කියවා ගන්න දැරු උත්සහයට ලැබුන පුංචිම පුංචි තැග්ගක්.

කිසිසේත්ම වාදී ස්වරූපයක් නැතිව මැදිහත්ව බලන කිසිවෙකුට අන්තිමට ඉතුරු වෙන්නෙ මදහසක් විතරයි. කිසියම් අන්‍තයක ගැටුනු ඉගැන්වීමක් හෝ දැනුමක් ඇත්තේ නම් එහි අවසන් ප්‍රතිඵලය එක්කො ෂුණ්‍යයි නැතිනම් අනන්තයයි. අතරමැදි අවස්තාවකදි ඒ දනුම, ඉගන්විම හෝ බලය ඉල්ලා සිටින කිසිවෙකුගෙ එකදු හො බලපොරොත්තුවක් නිවා සනසන්නේ නෑනේ. ජාතිය, අගම්, කුල-මල, දේශපාලනය යන මතවාද, දැණුම් හා ඉගැන්වීම ව්ලට මෑත ඉතිහාසයේ එකතු උන සම්ප්‍රප්පලාපයක් බදු වූ සන්නාම මතවාදයද අමතක කල නොහැකියි. මන්ද යත් මින් සියලුම අංශයන්ගෙන් දෙපිලක් හෝ පිල් කීපයකට බේදි වෙනිවි අතොරක් නැතිව විසදා ගනු නොහැකි මාතවාදයන්ගෙ ගැලෙන්නෙ මේ අන්තාවාදි බව නිසා නොවෙද. ඉහතින් කි අංශ වලින් එකක් අනෙකට වඩා උස් හෝ පහත් වන තැනක් වේ නම් එය ඉතිහාසය විසින් අපට කියාදුන් දෙයක් මිස, අනාගතයෙදිත් එය එසේම වේ යයි කියා උදාන ව්‍යාක්‍ය කියා තිබුනහොත් එවා සඵල නොවේ හො කනපිට ගසනු ඇති බවට ඇස් පනාපිට පෙන්න තිබුනත් ‘විශ්වාසයෙහි’ ම රැදි සිටින්නේ අනාගත අවිනිශ්චිත තාවය මතට තිබු බරක් නිසා මිස කිසියම් වාදි ස්වරුපයක නොගැටි මැදිහත්ව බැලු නිසා නොවමය.

ඉහත කී ජාතින්, කුල-මල, දේශපලනය හා සන්නාමවාදයෙන්, ‘ආගම් හා ඇදහිලි’ වෙනස් වන්නේ කිසියම් වූ ශුද්ධ වු අන්තයක් නැතිනම් පාරිශුද්ධ භාවයක් කිසිදා නොවෙනස් වන ‘මරණයෙන්’ මතුද ලැබීමේ ඒකයන අභිලාදයෙනි. නමුත් බොහොදෙනාට අමතක වන කරුණක් වන්නෙ, මරණයෙන් මතු ඉහත කී ජාතින්, කුල-මල, දේශපලනය හා සන්නාමවාදයන් නිරයාසයෙන්ම අහොසි වි යන්නක් බවත් අසල්වාසියා සමග බෙදා වෙන්වුයේ හෝ ගුටි ඇන ගත්නේ තමාගෙ බුද්ධි හීනත්වය නිසා මිස අන්කවරක්වත් නිසා නොවන බවත්ය. හිතා බලන්න මරණින් මතු ජීවිතයක් තිබුණිම කියා, ඔබ පෙර ආගමේම, ජාතියේම, කුලයෙම නැවත වරක් ඉපදිමට තිබෙන සම්භාවිතාව කොතරම් පුංචිද? අසල්වාසියාට අවියක් ඔසවන්න එ සම්භාවිතාව ප්‍රමාණාත්මකද? නැවත් නොඉපදුනහොත් ඔබ වත්මනේදි වෙනත් ආගමක්, ජාතියක්, කුලයක් එරෙහිව නැගි සිටිමෙන් ඔබට ලැබෙන එකදු දෙයක් තිබෙනවාද? ඔව්. ඇයි නැත්තේ? එවිට ඔබගේ ජාතිය, ආගම, කුල-මල, දේශපාලන මති මතාන්තරය සමව සැලකු, සමව ඉවසු අනෙකාගෙ ජාතිය, ආගම, කුල-මල, දේශපාලන මති මතාන්තරයට වඩා බොහොසෙයින් හීන, නින්දිත, නොවැදගත් එකක් කියා කෑ ගසා ලොවට නොකියාවි කියා ඔබ හිතනවාද? ඔබ අනෙකාගෙන් වෙන්ස් වීමට දගලන්නේ ඉහත කී ලේබල් වලින් නම් ඔබ මරණින් මතු ලොවට ඉතිරි කර යන්නේ ඉතාම පහත් හා නොවැදගත් වේර්‍ය්ය, ක්‍රොධය හා පහත් බව පමණී. මේ ලොකය ඔබට සහ ඔබගේ දරුවාට ලස්සන තැනක් කරන්න ඔබගෙ දායකත්වය ඒකද? අහ් මට අමතක උනා. නැති දෙයක් කොහෙන් දෙන්නද නේද? තමාව සුන්දර මනුශ්‍යයෙකු කරන්නෙ ඉහත කි ලේබල් වලින් ලද පන්නරය නිසා නම්...   ඔබ අසුන්දර නම්...   අල්ලන් ඉන්නේ වැරදි කොනකින් නෙවේද?

ඔබගේ බලධාරියා ඔබ නොවේ නම් අන් කවරෙක්ද? ඔබට අනේකාගෙන් ඔබ වෙනස් වීම ඉවසිය හැකිද?   

2 comments:

  1. ආර්ථික වශයෙන් හෝ සමාජීය වශයෙන් අපගේ දියුණුව රඳා පවතින්නේ අනෙකාට ඇහුම්කන් දීමට හා අප එකඟ නොවන මත ඉවසීමට අපට ඇති හැකියාව මත ය.

    ReplyDelete
  2. සටහන බැලුව. ඊටත් වඩා කාලෙකින් දැක්ක එකට සතුටුය. මගේ පිලොසොෆිය, මම පරන " දුමී " බ්ලොගය ලියූ දුමින්ද. සතුටුයි නැවත දකින්න ලැබීම. නිවාඩු වෙලාවක මගෙ අලුත් බ්ලොග් එක පැත්තේ ඇවිත් යන්න.
    ජයවේවා

    ReplyDelete

බලධාරියා සර්වද?

බහුතරයකට තමන් දන්නා දේට එහෙමත් නැතිනම් තමන් විස්වාස කරන්ට දේට පරිබහරින් වෙනත් කෙනෙක් දෙයක් දන්නේ නම් නැතිනම් විස්වාසයක් ඇතිනම්, අනේකාට ඇහුම්...