Wednesday 28 June 2023

කේරල ගංජා හා කල්ලූ මලයාලම් ගුරුකම්

                     


                            මේක දවස් කීයපක ඉදලා ලියන්න ඕනා කියලා හිතාගෙන හිටපු දෙයක්. කතාව මෙහෙම පටන් ගන්නම්​කො. කේරලය ඉන්දියාවේ එක් ප්‍රන්තයක්නේ. ඒකේ ප්‍රධාන භාශාව තමයි ඉතිං මලයාලි. දෙමල භාශාවටත් කර්නාටක භාශවටත් සමීප ශබ්දයක් තමයි කතාකරනවා අහගෙන ඉද්දී අපිට නිතරම දැනෙන්නේ. මට බොහොමයක් කේරලයේ මිනිස්සු හම්බවෙලා තියෙනව දෙමල භශාව චතුර​ව කතාකරන්න පුලුවන්. ඒ වගේම ලංකාවෙ, තමිල්නාඩුවේ මිනිස්සු, මලයලි භශාව හොදින් හසුරනවාත් මට ඕනා තරම් ඇහිලා තියෙනවා. කේරලයේ ප්‍රධාන ආගම් විදියට හින්දු, මුස්ලීම්, ක්‍රිස්තියානි මිනිස්සු මට විවිද රටවලදි හමුවෙලා තියෙන නිසා ඔවුන්ගේ නම් වලින් ආගම වෙන කර හදුනගන්න ඉතාමත් ලේහෙසියි. පෙරේර ලා, ඩි සුසා ලා කතොලික ​භක්තිය්කයන් ලෙසත්, දෙමල හුරුවට ඇති නම් හින්දු භක්තිකයන් ලෙසත් අදුනගන්න පුලුවන් වගේම මුස්ලීම් භක්තිකයන් නම්න් අදුනගන්න කොච්චර ලේසිද කිය්ලා අමුතුවෙන් කියන්න ඔනේ නැනේ. මතක් උනත් කටට කෙල උරන තරම් රසට එලව​ළු හදනවා වගේම බිරියානි නම් එක ලකුනක්වත් දෙන්න බැරි තරම් අප්‍රසන්න අත්දැකීමක් වෙනවා අනිවාර්මයෙන්ම. කෙසෙල් කොලේට එලව​​ළු ව්‍යන්ජ්න 07-08 ක් වත් නැතුව බත් නොබෙදන ඔවුන් පැනිරස කෑමක්, පපඩමක්, බැදපු මිරිස් කරල් කීහිපයක් එක් කරනවා නියතයි. 


                 'මලයාලි කොලයාලි' කියලා දෙමල කියමනක් නිතර අහන්න හම්බවෙන්නෙත් ඉන්දියනු මිනිස්සුන්ගෙ කටින්මයි. සරල තේරුම මලයාලි මිනිස්සු විස්වාස කරන්න එපා කියන එකයි. එ කතාවෙ නම් සාදරන ඇත්තක් තියෙනවා කියන එකයි මගෙ නම් අදහස. මට හමුවෙලා තියෙනව කේරලා මිනිස්සුන්ගෙන් අති බහුතරයක්ම විස්වාස කරන්න බැරි මිනිස්සු. කතාවට කියනව වගේ දිව දෙකේ මිනිස්සු. ලොකේ කොහෙ රටකට ගියත් මේ මිනිස්සුන්ව ඔයාට හම්බවෙන එක නම් වලක්වන්න අමරුයි. පුදුම එකමුතුවක් තියෙන මිනිස්සු. එයාලා කඩයකින් බඩුවක් ගත්තොත් එ කේරලා මිනිහෙක්ගෙ කඩයකින්, කෑම කැවොත් ඒත් එහෙමයි. අපිවත් ​පුරුදු කරන්න හදනවා එයලාගෙම කඩයකටම යන්න. ගෙයක් කුලියට දුන්නත් එයාලාගෙ අයටම විතරයි. කතාකරන්න කලින් මලයාලිද කියලා සැක හැර දැනගන්න අමතක කරන්නේ නැති තරම්. ව්‍යපාර වලට බොහො දක්ශ අතර මැද පෙරදිග බොහොමයක් රටවල්වල නමගිය බොහොමය​ක් ව්‍යපාර වල අයිතිකරවන් (උදාහරණ - Lulu). පෙට්ටි කඩයක් සුපර් මර්කට් එකක් කරන්න දන්නවා. වැඩ කරන තැන එක්කෙනෙක් හිටියොත් ඔයාට කිසි​ම ප්‍රශ්නයක් නැතුව සහයොගයෙ​න් වැඩ ටික කරගෙන යන්න බාදාවක් නැ. හැබයි දෙන්නා, තුන්දෙනා උනොත් කතාවට කියනවා වගෙ 'පොලිටික්ස්' අයතනය ඇතුලේ පටන් ගන්නවා. ඔබට රස්සාව එපා කරවලා එතනට කේරලා යහලුවෙක් දාගන්න හැටි එයලා දන්නවා. මම මේ වගේ අත්දැකිම මට සහ මගේ යලුවන්ට වෙනව අවුරුදු 8ක වගෙ කලයක ඉදලා දැකලා තියෙනවා වගේම එයාලත් එක්ක වෙනත් විදෙස් ජාතිකයුනුත් අතේ දුරින් ගනුදෙනු කරනවා මම ඇති තරම් දැකලා තියෙනවා. 


                      දැන් තාමා හොදම හරිය. කතා කරන්න හම්බවෙන ඕනැම වෙලාවක කේරලයේ විස්තරක් කියන්නේ හරිම උජාරුවෙන්. ල​ංකාවෙ වගෙම කොස්, පොල්, වැව් මාළු වගෙම දේශගුනයත් සමානයි කිය​ලා Sri Lankan Airline එකේ හිටන් ඉන්න බැරි තරමට බීලා ලංකාව බලලා ගිය මිනිස්සු ඕනෑ තරම් කියලා තියෙන්නව. ඕහොම කාතා කරනකොට තමයි ලංකාවේ අපි කේරලයේ අපි දන්න දෙකක් ගැන හාර අවුස්සලා අහන්න පටන් ගන්නේ. ඇපිටවත් බොන්න ගංජා නැතුව උබලට එවන්න කොහේ තියෙන ග​ංජාද කියද්දී, මෙච්චර කල් අපි 'මරු පාර බං' කියලා ගැහුවෙ මොනද කියලා හිතනකොට පිස්සු වගෙ. KG ලංකාවේ මර ප්‍රසිද්දයි කිව්වම, කේරලයේ ගංජා තිබ්බත් උබලට එවන්නේ ​නැ යකො අපිට ගහන්නත් හොයගන්නේ අමරුවෙන් කිය​ලා සැරටම කිව්ව වෙලාවල් ඇති තරම්. ඊලගට මලයාලි ගුරුකම්. ඒවානම් ගෙයක් ගෙයක් ගානේ හොයගන්න පුලුවන් කිව්වම මට මතක් උනේ දකුනේ ගුරුකමුයි. 'හැබයි ඉතින් ඔවා වැඩ කරන්නෙ දුප්පත් මිනිස්සුන්ට විතරයි. උඹ දුප්පත් නම්, උඹ ඕවා විස්වාස කරනව, උඹ විස්වස කරනවා නම් උබට ඒවා වැඩ කරනව' කියලා කියන්නේ කට කොනෙන් හිනා වෙන ගමන්. 'උබලටත් ඉතිං වෙන රටකින් එනවා කිව්වා නම් ඊට වඩා දෙයක් නෑ නේ' වගෙ එකක් තිබුනා ඒ මුනවල් වල.  

Friday 31 March 2023

දේශපාලනය තැන තැන කියවීමට නොව, තම නැණ පමනින් කියවා ගැනීමටය.


යාන්තමින් බහ තොරන වයසේ ඉදං එකට හැදී වැඩුන උන් එක්කත් මෙසයක් වටේ වට වෙලා ඔ​හේ කියවන වෙලාවට දේශපාලනය ගැන කියවපු දෙයක් නැති ගානයි. "ඇඩෝ දේශපාලනය ගැන නැතුව වෙන ඕනම දෙයක් කතා කරමු" කියන තැනට අපි ඔක්කම එකග වෙලයි හිටියේ. ජීවි​තේ වෙන අතිශය​ම පුද්ගලි​ක දෙයක් උනත් බෙදාගන්න දෙපරක් හිතන්නේ නැති මුන් ටික කවම දාවත් පුද්ගකික දෙකට ලියුමක් ගන්න පලාතේ මන්ත්‍රි ගාවට ගියා කියලා අහන්න ලැබුනේ නැ කවමදාවත්. ඒ දන්සලකට සල්ලි එකතු කරන එකේ ඉදලා ලමයෙක් ඉස්කොලෙට දාගන්න, නැතිනම් රජයෙ රස්සාවකට දගන්න උනත් දේශපාලනඥයෙක් ගාවට නොයන්න අපේ උන්ට කොන්දක් තිබුනා. බෙදුව ක්‍රිඩා භාන්ඩයක් වත් ගන්න යන්න අපේ එකෙකුටවත් උවමනවක් තිබ්බේ නැ. ගමේ හැම පොදු දෙටම ඉස්සරහින්ම හිටගත්තේ අපේ උන් ටික තමයි. වෙසක් එකට කැරකෙන කූඩු, දන්සැල්, ලේ දන් දිම්  කාගෙන් වත් සතයක් වත් එකතු නොකර කරන මුන් පන්න්ස​ලේ ලොකු හාමුදුරුයි පල්ලියෙ පියතුමයි මුලාසනයේ එකට ඉන්දවන්න, අනුසාසනයක් ලබන්න කවදාවත් අමතක කලේම ​නෑ. පල්ලියේ මන්ගල්ලෙට කොඩි ගහ උස්සන්​න, කොඩිගහට අලුතින් තීන්ත ගාන්න,  වීදි යන අයට බීම බිස්කට් දෙන්නත් හැම අවුරුද්දකම පුරුදු වෙලයි හිටියෙ.  ඒ කවම දාවත් අර මන්ත්‍රි ගාවට යමු, මේ මන්ත්‍රි ගාවට යමු කියලා කාගෙවත් කටින් පිට නොවුන එක මට අදටත් පුදුමයක්. ඒත් අපේ හැ​ම එකාටම තමන්ට විතරක් සීමා උන දේශපාලන කියවීමක් තිබ්බා කියලා ඒකෙක් නෑර දැනගෙන හිටියා. ඒත් එකෙක්වත් ඒක තව කෙනෙකුගෙ ඔලුවෙ තමන්ගෙ දෙශපාලන මත​ය පැල කරන්න වචනයකින්ව​ත්  දායකත්වයක් දේන්න ගියේ නැ. රොත්ත පිටි​න් චන්දේ දාන්න ගියත් "කාටද බං උඹ චන්දේ දැම්මෙ" කියල අහන්න එකෙක්ගෙ වත් දිව නැමුනේ නෑ. 


කාලය ගත වෙනකොට ආයතනයන් ඇතුලේ හම්බ වෙන්නන්ගෙන් ආයතනය පිටතදි මුන ගැගෙන්න හිත හදාගන්න පුලුවන් උනේ බොහො​ම අතලොස්සක්. නැති තැන නුගුන් කියන්නන් අතර ඉන්නට මට ලොකු අපහසුවක් දැනුනා. මේ මේසයේ එක් පුටුවකට මා බරවි නැති මොහොතක මගේ නුගුන මොවුන්ගෙ මාතෘකාව වෙන බව මා දැනගෙන හිටියා. කවදාවත් දේශපාලනය නොකරපු කෙනෙක්ගෙන් දේශපාලනඥයෙක්ගේ නොහැකියාව කී​ම හෝ උපදෙස් දීම සම්ප්‍රප්පලාපයක් වන බ​ව නොතෙරෙන්නන් අතරට නොගිහින් ඉන්නට මන් තීරණය කලා. ඔහුගෙ හෝ ඇයගේ මතය මාගෙ මතය නොවෙන විටදි මා හතුරෙකු විදියට දැක්කේ ඊයේ මගෙ කෑම එකට අත දාලා කාපු කෙනම වෙද්දී නින්දිතයි නේද කිය​ලා හිතෙන්න පටන් ගත්තා. ම​ං කතා කරන්න ආසම විශයන් වූ ගීත සාහි​ත්‍ය, සංගීතය, පෙරදිග අපරදිග විද්‍යාව​න්, බිස්නස් හො මුද​ල් ගැන කතා කරන්න කැමති කිහිපදෙනෙක් හරි ඉන්​න එකත් ලොකු සැනසීම​ක්. කාලය පැය වලින් ගෙවිල යනවා නොතේරෙන ඒ හැම වෙලාවකම අනෙකාගෙ අදහස පොෂණය කරන්න හෝ ඌන පූර්නයකට හැම කෙනෙක්ට උවමනාව තිබ්බ කියලා කියන්න ඕනෑවට​ත් වඩා සාක්ෂි තිබුනා. කන්න කැමති කෑම බීම පවා ගැලපුන තැන් වල සතුට විතරක්ම ඉතුරු තිබුනා. ඒවා මතක විදිහට ඉතුරු උනා. 


තමාගේ දේශපාලන මතය සමාජ මාද්‍ය වල කියන්න පොර කන අය කාලයකට කලින් එකෙක් රජෙකු කරන්නටත් දැන් තවකෙක් රජෙක් කරන්නට පොර කන්නෙක් නේද කියලා හිතෙද්දිත් ඉස්සර දැනුන නින්දිත හැගිම මට අදත් දැනෙනවා. ඒක දෙගුන තෙගුන වෙන්නේ ඔවුන් වෙන​ත් රටකට සේවක කරන්නෙක් වෙලා අවුරු​දු කීපයකට සැරයක් ලංකාවට යන්නෙක් උනම. තම​න් ඒ රටෙ ඉන්නේ නැතිනම් තම​න් ඇයි එ රටේ මිනිසුන්ගෙ ඔලුවට තමන්ගේ දෙශපාලන මතය බලෙන් රින්ගවන්න දගලන්නේ කියල මට අදටත් නොතෙරෙන දෙයක්. තමන් කමති දේශපාලන පක්ශය කරන හැම දේම අන්ධව පිලිගන්න තරම් තමන්ට දේශපාලන දැක්ම​ක් නැති එකට තමන් ලැජ්ජ විය යුතුයි. ඒහෙම හිතන්න හැමොටම බැරුව ඇති. ඒ අන්ධ බවට වහල් බවත් එකතු උනම කියලයි මට නම් හිතෙන්නෙ. නිවහල් නම් තමන්ගෙ දේශපාලන මතය නොදරන්නෙක් හතුරෙක් විදියට පෙන්න විදිහක් නැනේ. හැමොටම තෙරෙන්නෙ ත​ම තමන්ගේ නැණ පමනින් නේද කියලා නොතෙරෙන්නෙත් තම තමන්ගෙ නැණ් පමනින් නේද කියලා තේරුණා නම් කොච්චර හොදද කියලා මගේ නැණ පමනට් තේරි දැන් ගොඩක් කල් ගොසිනි. මත් එක්කම එකට ලොකු මහත් උන උන්ටත් එ නැණ එ පමනින්ම තියෙන එක ගැන සතුටු වීමට කාරනය​කි.


කතිරයක් ගහන්නට පැන්සල් කොටේ අතට ගන්නේ තමන්ගෙ ස්වයං විවෙචනයකින් නැතුව දෙමව්පියන්ගෙ දේශපාලන් මතය උඩ නම් හත්ලිස් අටෙන් පසු දේශපාලන ක්‍රමයට බනින එකෙ කිසි තෙරුමක් නැත. මොකද තම දෙමව්පියන් තව දුරටත් රටෙ අනාගතය නොව ත​මනුයි රටේ අනාගත​ය  යැයි නොසිතිම වරදකි. මොකද ඔබේ දෙමව්පියන්ද ඔබ ගැන සිතන්නේ නැතු​ව පක්ශයක් බදන් එකම වරද සැරින් සැරේ කල, අදටත් කරමින් සිටින්නන්ය. දත්ත හා ඉලක්කම් මොවුන්​ගෙ නොහැකියාවන් අවුරුදු හැත්තෑපහ​ක් පුරාවට කියමින් සිටී. එය කියවා ගැනිමට නොහැකි විම ඔබගෙ නොහැකියාවම පමණකි. එයින්, ​දේශපාලනය තැන තැන කියවීමට නොව, තම නැණ පමනින් කියවා ගැනීමටය.


Saturday 25 February 2023

පුතා ඔයා වැඩකද?




අයියේ, මේ තාත්තාට කතා කරන්න ඕනෙලු. අයියා වැඩකද?

වැඩ නම් තමයි න​​ංගි කමක් නැ දෙන්න​කෝ

පුතා ඔයා වැඩකද? කතා කරන්න පුලුවන්ද?

පුලුවන් තාත්තේ කියන්නකො. කොහොමද තාත්තාට

වරදක් නැ පුතා ඉන්නවා ඉතිං. පුතා හොදින් ඉන්නවා නේද? ලගදි ලංකාවට එන්නෙ නැද්ද? පොඩි අය එහෙම සනීපෙන් ඉන්නවද?

මං හොදින් තාත්තේ. පුතාලත් හොදින් ඉන්නවා. ඊයෙ හවසත් මං කතා කලා. ලොකු එක්කෙනා නම් ඉතිං ඉස්කොලෙ යනවා. සැප්තැම්බර් ඉදලා එ​යා ග්‍රෙඩ් 04 යන​වා. පොඩි එක්කෙනාට තවම අවුරුදු තුනාමරයිනේ. මං ලංකාවෙන් ආවට පස්සෙ තාත්තා එයලව දැක්කෙත් නැනෙ. දිනිති ඊයෙත් දෙන්නම ඉන්න පොටො කීපයක් එවලා තිබුනා. මං නංගිට එවන්නම්. තාත්​තා ඉතිං කතා ක​ලේ හදිසියක්ද?

හදිසියක්මත් නෙමෙයි පුතා. වැ​ඩ​පො​ලේ​න් නොවැම්බර් අන්තිම වෙද්දී නවතින්න කියලා කලින්ම කියලා තිබුනේ. ඉස්සර වගෙ වැඩත් නෑ දැන්. අනික දැන් මගෙ වයස​යි ​මේ දනිස් අමාරුව​යි එක්ක වැඩක් කරන්නත් අමාරුයි. පාත් වෙලා ඉදන් වැඩක් කලොත් මොකක් හරි අල්ලගෙන ඔනේ නැගිටින්න. මමයි, සමනුයි​නේ හිටිය වයසම දෙන්නා. සමන්ටත් නවතින්න කිව්වා දෙසැමබර් වල ඉදලා.

මට මතකයි තාත්තා කිව්වා කොයි වෙලේ හරි නවතින්න කියයි කියලා. නංගි කිව්වේව​ත් නැනෙ නැවතුනා කියලා. කොහොම උනත් තාත්තා නැවතුන එක හොදයි. නවතින්න කියනකන් යනවා කියලානෙ ගියෙ. නංගිත් වැඩට යන එකේ පොඩි දෙන්නවා බලාගෙන ගෙදරට වෙලා ඉන්න පුලුවන්නේ තාත්තට.‍‍

ඒහෙම තමයි පුතා මාත් බැලුවේ. 

තාත්තා ගෙදර නැවතුන එක හොද​යි. කවදා උනත් ගෙදර නවතින්න වෙනවානෙ. මං නංගි එක්ක​ත් කතා කරලා බල්ලන්නම්කො.එයා මොනවා කියයිද දන්නේ නෑනේ

නංගි මොනවා කියන්නද? ගෙදර නවතිනකන්ම මං ඉතින් ගෙදර වියදම් ගැන ​බැලුව​නේ

මම ඉතිං ඕවා දන්නේ නැනේ තාත්තේ. මට දැන ගන්න ඕනෙත් නෑ. 

​මාසෙකින් එන්න කියලා කිව්​වා එකවුන්ටන් මහත්තයෙ​ක් ආයෙ ​ETF, EPF කො​ල ටිට පුරවාලා දෙන්න. මාසයක් යනවලු මේ මාසේ කපපු ගාන දෙපර්තුමේන්තුවට ගෙවන්න. ඒක නිසා මාසෙකට පස්සේ කොල පුරවලා දෙපර්තුමේන්තුවට බාර දුන්නා නම් හරි කියලා කිව්වේ. කලින් ගෙව්ව ඒවයේ කොල ටිකත් මන් අරන් තියලා තියෙන්නෙ. සමහර විට ඒවත් ඕනෙ වෙයි. අනික ඕවා හම්බවෙන්න කොච්චර කල් යයිද කවුද දන්නේ පුතා. ඇවුරුදු පහක් ඇති ඔන්නම් කපන්න පටන් අරන්. කොන්තරාත් එකටනේ වැඩ කරගෙන හිටියෙ. ලොකු ගනන් ඕවයේ නෑ.

ඒක නම් ඇත්ත තමයි ඉතින්. කල් නම් යයි කොහොමත් ඕවා පාස් වෙලා එන්න

මම පුතාට කතා කලේ...

ඇයි තාත්තේ මොකක්ද ප්‍රශ්නේ?

නැ පුතා. ඊයේ රාගම කිලිනික් ගියානේ පුතා. සෙනග. නොමබරේ එනකන් ඉන්නකො​ට කතාවට වැටුනා මගෙ වයසෙම ව​ගේ වේයන්ගොඩ පැත්තේ මනුස්සයෙක්. ඉතින් වෙලා යන නිසා මන් අඩගැහුවා තේ එකක් බිලා එන්න යමු කියලා. ​මිනිහා අදි මදි කලා එන්න. මගෙ ගානේ බොමු කියලා දෙතුන් පාරක් අඩගැහුවට පස්සෙ තමයි ආවෙත්...

ඉතිං...‍​‍ 

ෆැක්ටරියක ලොරියක් එලවපු කෙනෙක්​ලු. පාන්දරි​න් ගෙදරින් ඇවිත් තියෙන්නෙ. කොච්චියේ යන්න සල්ලි ඉල්ලද්දී ගෙදරින් ගානට සල්ලි දිලා තියේන්නේ. තේ එකක්වත් නැතුව ගෙදරින් එලියට බැහැලා ඇවිත් තියෙන්නේ. ම​​ං ඕ​න දෙයක් කන්න කිව්වාම සීනි බනිස් ගෙඩියක් කෑව. තව කන්න කියලා කොච්චර බල කරත් කැවේ නෑ. ප්ලෙන්ටියක් ඉල්ලුවෙත්. ඒ​ත් කිරි තේ එකක් දාලා දුන්නා. මිනිහගෙ ඇස් වල කදුලු. වටේ මිනිස්සුත් බලනවා. පුතාට අමුතුවෙන් කියන්න ඔනේ නැනේ පිරිමියෙක් අඩනකොට බලන් ඉන්න පුලුවන්ද පුතා?

...

මටත් එහෙම වෙයිද පුතා ... ?

Friday 17 April 2020

විදී සරා අඳුරු උපැස් දැරුව ආගන්තුකයන් අතරේ





ජිවිතයේ කිසිවක් හරියට නොවිඳපු උන් මොකක් හරි ක්‍රමයක් හොයා ගන්න ඕනේ ජිවිතේ විඳින්න. අලුත් බලාපොරොත්තු දවසින් දවස එකතු වෙනකොට ඉන් එකක් වත් සඵල කරගන්න බැ කියලා තෙරෙනේකොට හච්චිමක් සද්දෙන් ගිහින් වෙනකෙන් මුණ බැලුවත් ඇති දුක හිතෙන්න, කේන්ති යන්න. ඔන්න එතකොට හිතෙනවා ගහක කොලයක් හෙලවෙන ලස්සන බලලා හරි හිත සැහැල්ලු කර ගන්න. ‘එකාකාරී ජිවත’, ජීවත් වෙන්න පුදුම කට්ටක් කන මිනිස්සුන්ගේ නමේ අගට එකතු වෙන්නේ තමනුත් නොදැනමය. සිනාවක් හොයන්න, සැහැල්ලුවක් හොයන්න අතේ ඉතිරි වෙන සොච්චම බොහොම මදී. මට නැති දේ තවකෙක්ට හොයන්නත් කලින් එහෙමත් නැතිනම් ඉල්ලන්නත් කලින් ඉල්ලන්නේ නැතුවම හම්බ වෙනකොට, ඇයි මට නැත්තේ කියලා තමන්ගෙන්ම අහගෙන හිත දුකින් පුරවාගෙන තවත් එක බලාපොරොත්තුවක් බොඳ උන ඇස් අග්ගිස්සෙන් පපුවට හලා ගන්න එකයි මට නම් ජීවත් වෙනවා කියන්නේ. පැදුරෙන් බිමට වැටෙන්නේ නෑ බං නින්දෙන් හීන දැකලා බය වෙලා ඇහැරුනාට. ඒකත් එක අතකට හිතට සැහැල්ලුවක්. 



උදේට තියෙන එකක් මැදලා ඇගට දාගෙන, රුපියල් 100ක පෙට්‍රල් ගහගෙන පැයක් හමාරක් ගෙවාගෙන කොළඹට වැඩට දුවන එකෙක් මමත්. හවස පහට පහමාරට වැඩ අහවර කරලා එලියට බැහැලා යාළුවොත් එක්ක රවුමක් ගහන සිහිනය සතියට එක දවසක් වත් සැබෑ කරගන්න වෙන්නේ නැතිව තවත් අමතර පැය කිහිපයක් තමන්ගේම හීන වෙනුවෙන් කැප වෙන එක මට අනුව නම් රුපියලක් හරි පර්ස් එකේ ඉතිරි කරගන්න ගහන ගේමක්. ඒක උනුත් දන්නවා. ‘එහෙනම් අපි යනවා බං’ කියන්නේ ‘උබ අදත් එන්නේ නෑනේ’ කියන නෝක්කාඩුවට කියන සමාන පදයට. ඒක ‘උබ නාවට අපි තරහා වෙන්නේ නෑ බං’ කියන්න දරන උත්සහයකුත් හැංගිලා තිබුණා කියලායි මට නම් හිතෙන්නේ. නොගිහින්ම බැරි උන දවසක උබලා එකතු කරපු පිටු ගණන් පරිච්චේදයි ආයේ ආයෙත් බොඳ වෙන ඇස් අග්ගිස්සෙන් මේ පපුවට බර වෙන්නේ. ඒ උබලාගෙන් ඈත් වෙලා මගේ කියන්න කවුරුත් නැති රටක කාමර මුල්ලක.

පත්තු කරගත්ත දුම් වැටිය ඉවර වෙනකන් ‘මැරින් ඩරයිව්’ එකේ වැල්ලවත්ත ඉස්ටේෂමට ලග තැනක මෝටර් සයිකලය නවත්තලා මුහුද දිහා බලාගෙන ඉන්න එක මගේ ජීවිතේ ඇති ඒකාකාරී බව අමතක කරන්නට කිසිම දාක මට ඉඩක් දුන්නේම නෑ. එක පොදියට ගෙදර දුවන්නට පොර කන මිනිස්සු නැති වෙලා කොළඹ පාරවල් පාලුවට යනකොට හෙට්ටි විදියේ පොඩි දෙමල කඩයකින් ඉතිරි උන දෙයක් බඩට දාගන්න ගමන් වරායේ කන්ටේනර් පෙට්ටියක් ඉහලට එසවෙනවා බලන්න මම ආස කලේ යෝධ යකඩ අශ්වයන් බඳු යයි කියාගන්නා දැවැන්ත දොඹකර රැයක් දවාලක් නැතුව දේශීය ආර්ථිකයට දෙන රුකුලම කෙලින් විදියේ මුට්ට කරගසන්නාත් එකතු කරනවා කියලා හිතන්න මට ඕනා කරනවා නිසා වෙන්න ඇති. ඒ නිසාම වෙන්නත් ඇති කෙලින් විදියේ මහා ගොශාව මැදින් එකිනෙකාගේ ඇගේ හැප්පි යන පොදි කන මිනිස්සු දිහා මම පුංචි කාලේ නොතිබුණු ලොකු කාර් තියෙන සෙල්ලම් බඩු කඩ මැදින් ඇවිත් ‘කෙලින් විදියට’ ගොඩ වෙලා හිතට ඇති වෙනකම් බලා ඉන්න ආස කරන්නෙත්. ඒ ලොකු සෙල්ලම් කාර් අයිති නැති උන් පාර හරස් කරලා ගහන විකට් ලෑල්ල පාරෙන් අහකට ගන්නේ ගෙයින් එලියට අඩියක් තිබ්බම පාර අහුවෙන, අම්මා කෑ ගහන්නට කලියෙන් තවත් එක් ක්‍රිකට් අතක් ගහ ගන්නට ඉඩක් නොදෙන්නේ යයි හිතෙන් බනිමිනි.

රටාවකට බිමට අල්ලපු සිමෙන්ති ගල් ඉර එලියට රත් වෙන්නට කලියෙන් අඳුරු උපැස් යුවලකින් මුහුණ හංගගෙන ඒ සිමෙන්ති ගල් රටා මැදින් මගේ කියන්නට එකෙක් වත් නැති දුර රටක ගෙදරට සල්ලි එවන්න වැඩට දුවන, තනි වීම හා හීන පස්සේ දිවීම ඒකම කාසියේ දෙපැත්ත වෙනකොට, රෑට ලැප් එකෙන් ටීවී සිරිස් එකක් බලලා හෙට වැඩ ගැන හිතමින් නින්දට යමින් මේ ගෙවා දමන්නේ තවත් එක් ගෙවුන දවසක හෙටට ඉතුරු කරපු අලුත් බලාපොරොත්තු කියල හිතන්න හිතට බල කරමින්. එහෙව් හැම රෑකම මේ ගීතය හිතට පුළුවන් උපරිමයෙන්ම වධ දෙමින් නොස්ටල්ජියාව මට අමතක කරන්නට පුංචි හිඩැසක් වත් ඉතිරි නොකරන්නේ මට මාවම නැවත නැවතත් මතක් කරලා දෙමින්.





 
                                   

Tuesday 27 February 2018

එමීර් රජ්ජයේ ඇෆ්ගනිස්ථාන් ජාතික ටැක්සි රියදුරා



මාස කිහිපයකට එපිට සිදු වූ සිදුවීමක් මෙසේ ලියමි.

ඩුබායි නගරයේ ජීවත් වීමේ පහසුව හොඳින්ම දැනෙන්නේ නගරයෙන් පිට වෙනත් එමීර් රාජ්ජයක (Emirates) කාර්මික නගරයක (Industrial Area) කන්න වත්  හරිහමන් කඩයක් වත් නැති තැනක වැඩ වටුනාමය. ටැක්සියක් ගන්නත් කිලෝමීටර් 1-2 දහදිය පෙරාගෙන පයින් යන්න උනාම හොඳම ගණන්ය. අත්‍යවශ්‍යම වැඩකට ඇරෙන්න ගමනක් යන්න හිත දෙන්නේ නැත්තේ ඔය හේතුව නිසාමය. ඒ යන ගමනක ටැක්සි රියදුරා කතාවට වැටී කුලුපගු වීම වැලැක්විය නොහැකි උනත් මමද හූමිටි තියන්නේ ඉතා කැමැත්තෙනි.

මහත්තයා කොහෙද
මම ශ්‍රී ලංකාවේ
Sri lanki number one (ඒ ඔහුගේම වචන වලිනි)

ඔන්න ඔහොම පටන් ගන්න කතාව දිගට ගලා යන්නේ අපි දෙන්නගෙම කැඩිච්ච ඉංගිරිසියෙනි. බොහෝවිට හමුවන ටැක්සි රියදුරෙක් එක්කෝ පකිස්ථානයේය නැතිනම් ඇෆ්ගනිස්ථානයේය. ඒ මොන රටේ උනත් “Sri lanki Number one” දෙබස නම් වරදින්නෙම නැත. ක්‍රිකට් මටත් ඔහුටත් පොදු මාතෘකා නිසා කුමාර සංගක්කාරගේ නම මුලින්ම ඔහුගේ කටින් පනී. ඊළගට මහේල, මාලිංගගේ සිට රොෂාන් මහානාම වෙනකන් ඔහු නම් එක දිගටම කියවගෙන යයි. මමද නිකන් අරින්නේ නැත. නමක් දෙකක් කියවෙද්දී  මේ ඇෆ්ගනිස්ථාන් ජාතිකයාගේ මුහුණේ හිනාවක් ඇදෙන්නේ ඉබේටම වාගෙය. (ඇෆ්ගනිස්ථානය, පකිස්ථානයට බොක්කෙන්ම සපෝට්ය)

මහත්තයා මොන ආගමේද
මම බෞද්ධ
ඒ කිව්වේ මහත්තයෝ
ථෙරවාදී බෞද්ධ
ඒ කියන්නේ මහත්තයෝ ජෙසුද
නැ ගෞතම බුද්ධා
දන්නේ නෑ මහත්තයෝ

එහෙමද. එකට කමක් නෑ. මන් හිතන්නේ ඔයා නම් ඉස්ලාම් වෙන්න ඕනා. පෙනුමෙන් හිතා ගන්න පුළුවන්
ඔව් මහත්තයෝ. එත් මන් මහත්තය කියන ඔය ආගම ගැන දන්නේ නෑනේ. ඉන්දියාවේ තියෙන හින්දු ද?
ඉන්දියාවෙන් තමයි එත් හින්දු නෙමෙයි. එක අමතක කරමු

දෙන්නම නිෂ්ශබ්ද වෙලා විනාඩි දෙක තුනක් ගෙවිලා ගියා. එත් මගේ දිව අග හොඳ උත්තරයක් තියාගෙන නොකියපු එක ගැන හිතට වද දුන්නා. ටැක්සි රියදුරෙක් එක්ක මේවා මොනාට කතා කරන්නද. එත් අන්තිමට කියන්න තීරණේ කලේ නොකියා ඉන්නට බැරිම නිසාය.

ඔයාට මතකද, මට මතක විදිහට 2001 දී ලොකු ප්‍රතිමා කිහිපයක් ඩයිනමයිට් දාලා පිපුරුවා. ඒ පුපුරපු ප්‍රතිමා අයිති බෞද්ධ ධර්මයට. එකට කිව්වේ බාමියන් බුද්ධ ප්‍රතිමා කියලා. 2001 ට කලින් තලෙයිබාන්වරු ටිකෙන් ටික ඒවා විනාශ කරමිනුයි හිටියේ.

එතනින් පස්සේ මං බහින් තැනට එනකල්ම අපි දෙන්නා අතර කිසිම කතාවක් උනේ නෑ මං මගේ නවාතැනට පාර කිව්වා ඇරුනාම. 

Tuesday 16 January 2018

අසවල් රේඩියො චැනල් එක




අද අසවල් අවුරුද්දෙ අසවල් මස අසවල් දින නැතහොත් අසවල් සිංහල මාස ක්‍රමයට අසවල් දිනයි. අද ශුභ වේලාවන් කියා පටන් අරගෙන රාශි 12ට අද දිනයේ ලග්න පලාපල කියා පුරා පැයක්ම නාස්ති කර ග්‍රහ ලෝක කොටු පනින හැටි අපට බල පාන්නෙ මෙහෙමයි කියමින් ගෙදරින් එලියට බහින වෙලාවෙ සිට ඇදිය යුතු යට ඇදුමෙ පාට වෙනකන්ම කියා දෙන්නෙ ජෝතිර්වේදයා එන්නෙ පිරිත් ඉවර වෙද්දීමමය.

චීන රජයෙ අවසරයක් නැතිවම අපට චීනයෙන් දායාද වූ පෙන්ශුයි ප්‍රසිද්ධ රහස් අපට නොමිලේ කියාදෙන මහත්තයා එන්නෙ ඊලගටය. එ මහත්තයාගෙ පෙන්ශුයි වලට අනුව නම් නව අවුරුද්ද (නිව් ඉයර්) උදා වෙන්නෙ වැලන්ටයින් දිනටත් දින දෙකකට පස්සේය. එදිනට නෑම රෙදි සෙදීම තහනම්‍ ය. එත් ගෙ දොර මල් වත්තක් වගෙ අස්පස් කර ගත යුතුය. ගෙ දොර අස්පස් කර නොනෑ සිටිමෙ වැදගත්කම ගැන දන්නා කවුරු හරි ඉන්නවානම් කියා දෙනු මැනවී.

නීති පොතෙ අත තියා සත්‍යක් මිස අසත්‍යක් නොකියන බවට දිවුරා මෙන් පොරොන්දු වී කියන උදෑසන පුවත් විකාශය එන්නෙ ඊටත් පස්සේය. කටට එන දෙ ඔහෙ කියවන පුරාජෙරු දෙශපාලකයින්ට මයික් අල්ලා පොඩි උන් බයකර බත් කවන් කටහඩින් එවා නැවත නැවතත් අවධාරණය කරන්නේ ඒ ඇත්‍තෝමය.

මේ බයිලා ටිය ඔලුවෙ පුරවගෙන පාරට බහින මිනිස්සු ටික රාහු කාලෙට පඩයක් ගියත් 'හෆ් ඩේ' එකක් දා ගෙදර දුවන් එයි. ආලොක වර්ශ ගනන් දුරින් ඇති ආකාශ වස්තු වලට තමන්ව පාලනය කරන්න දෙන මිනිස්සු ඉන්නා රටක, ඒවාට උල් පන්දම් දෙන ජනමාධ්‍ය රොතු පිටින් මුල් බැසගත් රටක,  කොදෙව් මානසිකත්වයෙන් මිදීම සිහිනයක්ම වේ.

Saturday 22 April 2017

පොලොන්නරුව, පරාක්‍රම සමුද්‍රය හා වැවට අකුණු ගැසිම






පොලොන්නරුව මගෙ හිතෙ අමතක නොවන මතක සටහන් ඇන්ද නගරයයි. හරියටම කිව්වොත් කවදාවත්ම අමතක නොවන, ජීවිතෙ ලස්ස්නම කාලෙ ගෙවුනෙ පොලොන්නරුව හා අවට ඇති පුංච්ම පුංචි ගම්මාන වලයි. අවුරුදු වලින් ගනින්නට බැරි තරම් අඩු කාලයක් ගෙවුනත් ජීවිතෙ ජීවත් කරවන්න අරුතක් මට හොයලා දුන්නු කාලයක් ඒ. එයින් වාඩාත්ම හිතට වද දුන්න මැණිකෙ නැන්දගෙ ආදරය ගැන ලියලා මම හිත නිදහස් කර ගත්තෙමි. සිදුවීම් එකින් එක පෙලගස්වා ලියන්නට තරම් නොහි අතීතෙට එක්වුනු ජීවිත මතක හාරා අවිස්සිමම හිතට සුවදායකය. 

අපේ පුංචි ඔඩිට් ෆර්ම් එක, මගෙ මුල්ම රස්සාවයි. පොඩි පඩියකට වැඩ කලත් එ රස්සාවෙ ආත්ම තෘප්තිය ඕනෑවටත් වඩා තිබුණා. මහවැලිය අතුරු ව්‍යාපෘතියක ඔඩිට් එක ලැබිලා යන්න කැමති ළමයි කියන්න කියලා සර් කිව්වාම ඉහෙ මලක් පිපුනෙ මගෙ විතරක් නෙමෙයි. මගෙ වටෙ හිටපු හොදම යහලුවන් කිහිප දෙනාත් දෙපාරක් නොසිතාම මෙ ගමනට කැමැත්ත පල කරෙ සතුට දෙගුන තෙගුන කරමින්. ඉක්බිතිව එලබෙන සතිඅන්තයෙ පොලොන්නරුව බලා පිටත් වීමට නියමිත උනත් මටත් දින්නාටත් යාන්නට ලැබුනෙ සතියකට පසුවයි.

පාන්දර 4.20ට විතර කඩවත පසු කරන 'සුදු දුව' බසයේ දින්නා කලින් කොන්දොස්තර මහත්තයයි. (එදා එහෙම උනත් අද දින්නා තම නමටම ව්‍යාපාරයක් අයිති කරගෙන සිටියි). හරියටම 8.30 ට පොළ හන්දියෙන් හරවන 'සුදු දුව' පැය හතරට පොලොන්නරු යන්නිය. තේ බොන්නට වත් නොනවත්වන ඇය එක දිගට පොලොන්නරුව බලා ඇදුනත් මගින් ගොඩවෙන නංගිලාගෙ අතින් වැලිතලප කෑල්ලක්, හැලපයක්, ලැවරියාවක් රියදුරු අයියාට හා කොන්දොස්තර අයියාට වරදින්නෙම නැත. රියදුරු අයියාට නම් ඔය කිසිවක් අතෙ නොගෑවිම බඩට දමා ගත හැක. එ ගැන පුංචි ඉරිසියාවක්ද නැතුවාම නෙමෙයි... සර්ගෙ අයියා පදිංචි වෙලා උන්නෙත් පොලොන්නරුව නව නගරයෙ නිසා අපිට නවාතැන් පහසුකම් දෙන්න ඉදිරිපත් වෙලා තිබුණෙ නොපැකිලිවමයි. ඉන් පසු අපේ නවාතැන උනේ පොලොන්නරුව නව නගරයේ එක් මායිමකයි.

සතියකින් නොදැකපු උන් ටික එක්ක ආගිය තොරතුරු කතා කරන්න නොදී මුලින්ම හරස් කැපුවෙ චාමර අයියායි.

ශොටක් දාගනින්කො දෙන්නත් එක්කම. වැවෙ නාන ගමන් කතා කරමු.

බොන ගමන් කතා කරමු එක අහලා තිබුනත් නාන ගමන් කතා කරමු අහන්නෙ පලවෙනි පාර්ට නිසා දින්නා මගෙ මූන දිහා බලුවත් වැවෙ කිව්ව නිසා ආයෙ මොකට ඒ ගැන දෙපාරක් හිතන්නද.

සුදු වැලි පාර දෙපත්තෙ අතු පතර ගණට විහිදා ගත් දැවන්ත සියඹලා හා තෙක්ක ගස්, ඈතින් ඈත වන්නට තියෙන පලු දෙකෙ ගෙවල්, උණ බම්බු දෙකෙ කඩුල්ල තරමක් නගරික අපිට කතා කරන්නට තරම් මාතෘකා වන්නට වුනෙ රුපවාහිනියෙ ටෙලියෙන් දැකපු රූප ඇත්තටම අස් ඉදිරිපිට රූප මවමින් තිබුණු නිසා. උසට උසෙ වැව් බන්ට් එක පේන මානයෙ ඇති හැම ගෙයකම සිමෙන්ති පඩියට උඩින් බිත්තියෙ කහට පැල්ලම වැව වාන් දැමු ආකාරය නිදසුන් සහිතව ගෙනහැර දැක්වූවා. වැව් බන්ට් එක උඩට නැගගත් මට තරමක් සිදි ගිය පරාක්‍රම සමුද්‍රය හා ඈතින් සමුද්‍රයේ මැදට වෙන්නට ඇති කඳු ගැටයක ඇති පුංචි පන්සලක් මුල් වරට දැක ගත හැකි උනා. එදායින් පසු නව නගරෙ උන්න හැම දවසකම උදෙ හවස නාන්න, රෙදි හොදන්න, හවසට බීර බෝතලයක් බොන්නට සමුද්‍රෙට එන එක අපි හැම දෙනාගේම පුරුද්දක් උනා.

දිනෙන් දින ගෙවිලා ගිහින් වැවෙ තරමක් මැද හරියෙන් ඇවිදගෙන යන්න පුළුවන් දුරින් පුංචි දූපතක් මතු උනා. එ පුංචි ඉඩන් කෑල්ල තමයි ඉන් පස්සෙ අපෙ සුපුරුදු ස්ථනය උනෙ. සෙට් එකෙ උන්න හීන්දාරියා නිසාම මාව අනිත් උන් ටික උස්සලා අරන් පුලුවන් තරම් දුරක් විසික් කරන එක දින චරියාවෙ කොටසක් උනා. මමත් බෙරී සිටිමට පුංචි වත් උත්සහයක නොයෙදුනෙ උඩින් විසිවි වතුරට වැටිමට බෙහෙවින්ම ආශාකල නිසා. නැවතත් පීනාගෙන දූපතට එන මම දෙතුන් වරක් වත් වතුරට විසි වෙන්නෙ අහල පහල රෙදි හොදන්නට හො නෑමට ආ ගම්මුන්ගෙ සිනා හඩ මැදයි. 

සමුද්‍රෙන් නාපු අවසන් දිනය එලඹුන, වටින් පිටින් වැහි මන්දාරම්ක් ගලා ආ දිනය මට අද වාගෙ මතකය. වෙනදා මෙන් නාන්නට යන්නට සර්ගෙ අයියා හරස් කැපුවෙ වැස්ස වටෙන්නට ලග බව මතක් කර්මින්. වැස්සෙ වැවෙ නෑම වෙනස්ම අත්දැකීමක් ගෙනන බව දන්න නිසාම අකුණු අවදානමත් නොතකා වැව පැත්ටට ඇදුනා. ගම්මුන් එක්කෙනා දෙන්නා නෑම් අහවර වෙලා ගොඩට එද්දි නාන්නට යන මෙ තරුණයන්ට අකුණු අවදානම මතක් කලෙ පොලොන්නරුවට අලුත් බව නොරහසක් නිසා. වැවේ වතුර දිනෙන් දින අඩු වෙද්දී වතුර ලගට ගෙනත් තියපු පැතලි ගල් ගම්මුන් හා එක්ව වැව් බන්ට් එක ලගින් ගෙනත් තිබ්බෙ එ ගල් වතුරට යට වී නැවත ප්‍රයොජනයට ගත නොහැකි වීම වලක්වීමටයි. වෙනදා වගෙම වතුරට පැනලා උන්නු අපිට මහා හෙනයක හඩ ඇසි තත්පර කීපයකින් 'කරන්ට් එක වැදුනා' යයි කෑගසමින් ගොඩට පැන්නේ මරණ බය දැනුනු ගානටයි. අකුණෙන් විනාඩියකට පමණ පසු වැස්ස වැටෙන්නට පටන් ගත් අතර එක දිගට නොනවත්වා සතියක් විතර වැස්සේය.

විස්තරය කී කල සර්ගේ අයියා නම් කිව්වේ සමුද්‍රේ මැද තියෙන පුංචි පන්සල තියෙන දුපත ඒ හරියේ තියෙන උසම තැන නිසා අකුණු සන්නයකයක් මගින් අකුණ වැව පතුලට මුදා හරින නිසා අකුණේ සැර අනුව වතුරේ පැතිරිය හැකි බව හා ගම්මුන් කිහිප දෙනෙක්ම වැස්සේ වැවේ නා අපි වාගේම ලාවට අකුණු වද්දගෙන ඇති බවත්ය.

කේරල ගංජා හා කල්ලූ මලයාලම් ගුරුකම්

                                                  මේක දවස් කීයපක ඉදලා ලියන්න ඕනා කියලා හිතාගෙන හිටපු දෙයක්. කතාව මෙහෙම පටන් ගන්නම්​කො. කේරලය...