රළු වුවත් හඬ සියුම්
දැනෙයි දැඟිලි තුඩට
මේ රැයෙහි නුබ මගෙයි
වැට බඳී තනිකමට...
මගේ උකුලේ සුව සොයයි
බදා දෝතින් ඇයව
දවා අළු කල හැකිය
ඕ දනිති මගේ හැඟුම්...
ඉඩ හසර දෙවයි ඈ
සරන්නට සිතැඟි ලෙස
දෑස් පිය වුනි සුවට
අඳුරේදිහි අගේ ජවය...
දිනෙන් දින නැවුම් වන
අපේ දෙහදේ බැඳුම
යලි පතමි නුඹේ ඇසුර
නොලඳ සුව ලබන්නට...
මේකෙ තේරුම ගැහැනියකට සම කරන්නත් පුළුවන් ගිටාර් එකකටත් නියමෙටම සම කරන්ට පුළුවන්.
ReplyDeleteකවි ගී කියවන්ට කිසිම කැමැත්තක් නැති උනත් මේකෙ ඩබල් මීනින් එක මරුවටම ගැලපෙනව 👊🏽
ස්තුතියි තිලාන්. ගිටාරය ඇත්තටම ස්ත්‍රියකගේ උඩු කයට සමයි. එතරමට සුන්දරයි...
Deleteතවම සොඳුරුයි අපේ පෙම්දම සුවඳ විහිදෙයි මිහිරැතී
ReplyDeleteගතම පිබිදෙන නුඹේ ස්පර්ශයෙන් තව තවත් ඇතිවෙයි කිතී
එකම ගමනක ලබන්නට ජය නුඹයි මමයි හොදටම ඇතී
රැයම තරුණයි ප්‍රියේ අපහට තවත් බාධාවන් නැතී..........
--------ගිටාරය----------
අලුත් ආරෙක ලස්සන කවක්.
ජයවේවා!!!
This comment has been removed by a blog administrator.
Deleteස්තුතියි දුමින්ද. ඔබත් ඉස්තරම් කවියෙක්...
Deleteඔව් එකත් හරි. හැබැයි හරියට ටියුන් කලේ නැත්නම් අවුට් යනවා. ඒ නිසා හරියට ටියුන් කරලා තමයි දෙකම ප්‍රෙයා්ජනයට ගන්න ඕන.
ReplyDeleteහ්ම්ම්... මල් මල්ලිත් දන්නවා එහෙනම්...
ReplyDeleteහොඳ සැසඳීමක්....ලස්සන කවියක්..ෆිලෝ ගිටාරයට බොහොම ආදරෙයි වගේ :D
ReplyDeleteස්තූතියි අරුණ... ඇත්තටම ඔව්..
Deleteබලාගෙන ගිටාර් ගහන්නෙ....තත් ටික පරිස්සම් කරලා ගහන් ගහන එකක් නැත්තන් කැඩෙයි ඔව්වා.....
ReplyDeleteගුත්තිලත් තත් කැඩුවා. ඉතින් අපි පොඩ්ඩක් කැඩුවම මොකෝ රෝමා ...
Deleteලස්සනයි.
ReplyDeleteස්තුතියි...
ReplyDeleteමටනම් කවියක් කියන්නේ මෙන්න මේ වගේ නිර්මාණයකට, සදැස් ද නිසදැස් කියන කාරණාව නෙවෙයි, ගුරුකුලයත් නෙවෙයි ව්‍යංගය පිරුණු සිතුවිල්ලක සුනම්‍ය භාෂා එළිදැක්වීම....
ReplyDeleteබොහොම ස්තුතියි බුද්දික ඔබගේ අදහසට...
Deleteලියන්න බොහෝදේ ඇත! සුන්දර කවියක්!
ReplyDelete