Sunday 18 December 2016

සර්ව ජන ජන්ද බලය



ජන්ද පොලේ නම කිව්වම ඇඹරුණා
ලජ්ජා සිතී කම්මුල් දෙක රතුවුනා
වටපිට මුහුණු මගේ දෙසට හැරවුණා
උපහාසාත්මක දෑසින් දිළිසුණා

මට නොදැනීම මගේ දෑස් තෙත්වුනා
පෙළපතෙහි අරුත හොඳහැටි සිහිවුනා
'සර්ව ජන' වචනේ තේරුම වැටහුනා
වාසගමෙන් මගේ කුලය හෙලිවුනා

11 comments:

  1. බලේ දෙන්න අපිමයි පොර බඳින්නේ
    තැලේ පෙලේ ඉන්පසු දුක් විඳින්නේ
    මලේ නොතැවියන් හැමදා රැඳෙන්නේ
    කුලේ නොවෙයි මනුස්සකම වටින්නේ

    'සිලිසුණා' 'දිළිසුණා' නේද?

    ජයවේවා!!!

    ReplyDelete
  2. උඹේ කුලයක් නෑනෙ,,,,,,,

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඇත්ත. මන් ගැන නෙමෙයි ලියලා තියෙන්නේ...

      Delete
  3. මෙහෙම සිද්ධි මමත් දැකලා තියෙනවා.

    ReplyDelete
  4. ඔව් කුරහන්. දැන් අත්මිදෙන්න ඕනා කාලේ ඇවිනුත් ගිහින්.

    ReplyDelete
  5. අඩු කුලේ කියාලා අසරණයා
    මැඩලන්නේ මේලෝකේ වසලයා ආආ ...........

    ReplyDelete
  6. කුලේ මලේ
    පහල වෙළෙ
    බැහැපු අලේ
    දුඟද හැලේ
    මිනිස් මොළේ...

    මිනිස්සු කියන්නේ අනිත් අයට වෙනස් වෙන්න කියන තමන් වෙනස් නොවන ජාතියකට. වටින කතාවක් පිලොසොෆි

    ReplyDelete

කේරල ගංජා හා කල්ලූ මලයාලම් ගුරුකම්

                                                  මේක දවස් කීයපක ඉදලා ලියන්න ඕනා කියලා හිතාගෙන හිටපු දෙයක්. කතාව මෙහෙම පටන් ගන්නම්​කො. කේරලය...