Monday 28 November 2016

දෙකක් නැමුවොත් සින්දුවක්



මාසයකට දෙතුන් සැරයක් විතර 'වික් එන්ඩ්' එකේ ඇළ අයිනේ තද පාට බෝතලයක් වටා එකතුවන සෙට් එකේ 'චෝකයා' මෙහි කතානායකයයි. සිංහල හෂාවේ වචන මැරීමට උපන් හපන් කම් දක්වන නිසාම දන්නා කාලේ ඉඳලා ඌට චෝකයා ලෙසට වෙනත් නම් යටතේ ලියාපදිංචි වී තිබුණි. වඩි දෙකක් විතර හුවමාරු වූ පසු 'ලකා' සින්දුවක් කියමු කියමින් 'බොන්ගෝ' එක ගෙනත් බලෙන් හරි කරට දම්මවන අතර, මේ ඊට පසු ඇති වන තත්වයි.

ලකා - හරි චෝකේ කියමු
බසියා - අඩෝ චෝකේ උබ ඉදපන් ලකා කියයි
චෝකේ -  ලකා මන් එකක් අල්ලන්නද?
ලැම්බා - මේ චෝකේ වඳින්නම් කට වහගෙන ඉන්නවද?
චෝකේ  - පෙම් රජ දහනේ අහස් මාලිගා...

(ලකා බොන්ගෝ එක ගහන්න පටන් ගන්නවාත් සමගම)

බසියා - අනේ නවත්තපිය ඕක. ගිය සතියෙත් ගැහුවා නේද බං.
චෝකේ - ඉතිං මොකෝ? උබලට ගිය සතියෙත් ඕල්ඩ් එකක්ම ගහල මේ සතියෙත් ඕල්ඩ් එකක් ගහන්න හොඳයි එකම සින්දුව කියන්න හොඳ නෑ
රංග - යකෝ අහල පහල මිනිස්සුත් අහගෙන ඉන්නවනේ, එකම සින්දුව අහලා කට පාඩම් උනොත් එක අනිත් ගායකයන්ට කරන අසාධාරණයක්. එක නිසා වෙන එකක් ගහමු. ලකා උබ අල්ලපන්

(ලකා සින්දුවක මුල් වාදනයෙන් පටන් ගනියි)

චෝකේ - ලකා මේක අල්ලපන්, අමර පෙම් ලතාවේ ...
ටානා - යකෝ තොගේ වෙළඳ සේවේ වහගන්කෝ. මුට කෝමා එකක් වත් හැදිලා හිටියද බං අලුත් සින්දු දන්නේ නැත්තේ?
ලකා - හරි මන් අල්ලන්ම්කො... පෑදී දියේ ඔබේ නිර්මල හදවත විනිවිද දකින්නම්...

(සියල්ලෝම ගායනයට සහභාගී වෙයි. සින්දුව අවසන් වූ පසු)

චෝකේ - ලකා මට එකක් අල්ලන්න දීපන්කො බන්
ලකා - ඉඳපන් සිගරට් පාරක් ඇද ගන්නකන්. නැත්නම් උබල කියන්න පටන් ගත්තාම දිගටම බොන්ගෝ එක ගහන්න තමයි වෙන්නේ
චෝකේ - ලකා 'චන්දන සිහින ගගේ ප්‍රේම දියේ ගහමු ඈ.. (තාලයට කියා පෙන්වයි)
සනීල - පොඩ්ඩක් ඉඳපන්. මොකක්ද උබ කිව්වේ?
චෝකේ  - චන්දන සිහින ගගේ ගහමු...
සනීල - යකෝ චන්දන නෙමෙයි නන්දන
චෝකේ - ඉතිං එක තමයි කිව්වේ. ගහමු ලකා
ටානා - මේ.. මේ.. එච්චර ෆාස්ට් නම්බර්ස් ගහන්න මොකෝ උබට වැඩිද? දෙකනේ නැමුවේ
චෝකේ - මුන් එක්ක බෑ බං ලකා මන් යනවා බං යන්න

වේගයෙන් බයික් එක පනගන්වා ගෙන යන චෝකයා දිහා කට්ටිය බලන් හිටියා මිසක් මුකුත් කිව්වේ නෑ. විනාඩියකට විතර පස්සේ බසියා බයික් එකෙන් පස්සෙන් පන්නුවත් අපහු ආවේ හිස් අතින්. කාටවත් සින්දුවක් කියන්න උවමනා පාටක් නැ. කට්ටියම හිත අතුලෙන් තමන්ටම දොස් පවරා ගත්ත මිසක් කාටවත් දොසක් කිව්වේ නෑ. නොහිතපු මොහොතක බයික් එකෙන් බැහැලා එන චෝකයා, සාක්කුවෙන් ගත් සිගරට් 10ක් ඇති පැකට් එකක් ස්ටුලයට විසි කරන්නේ මුකුත් නොවුන ගානටය.

බසියා - අම්මට චෝකේ. උබම කියපන් සින්දු ටික ඈ.. මම උබව බලන්න ගෙදරත් ගියා යකෝ. 
ලකා - මේ ඔක්කොමල්ලා සින්දුවට සෙට් වෙයන් හොඳේ.. පෙම් රජ දහනේ අහස් මාලිගා...

(චෝකයාද සින්දුවට එකතු වෙයි)

ප.ලි. - කොල්ලෝ සෙට් එකේ ඉන්න තරහවක් වෛරයක් කිතේ නොගැවුණු මු ගැන පුංචි මතකයක් විතරයි මේ. අවුරුදු ගානකට පසු අදටත් සෙට් උන වෙලාවක විරෝදධතා මැද මුගේ මේ සින්දු සෙට් එකම අහන්න පුළුවන්.








11 comments:

  1. රියැලිටිය පට්ටෙට ලියලා............. උඹේ ලියැවිල්ල අගෙයි.........

    ReplyDelete
  2. ස්තුතියි මිත්‍රයා...

    ReplyDelete
  3. ඔහොම බීපු කාලයක් මතක නැහැ

    ReplyDelete
    Replies
    1. මටත් මතක නැ කොච්චි මිරිස්

      Delete
  4. එල එල බන් ඔය තියෙන්නෙ

    ReplyDelete
  5. එල එල බන් ඔය තියෙන්නෙ

    ReplyDelete
  6. අපිත් සින්දු කියන්න ගත්තාම අපේ උන්ගේ චෝදනාව තමා මේ මගුල් 60 දශකයේ ගීත ම එපා යකෝ කියන එක හෙ හෙ හේ

    ReplyDelete
  7. ඒ සින්දු වල තියෙන ගැම්ම අද තියෙන සින්දු වල නෑ. එකයි තාම ඒවා කටේ තියෙන්නේ...

    ReplyDelete
  8. අපෙත් ඉන්නව ඔහොම එකෙක්.

    ReplyDelete
    Replies
    1. හැම සෙට් එකේම වගේ ඉන්නවා එකෙක්...

      Delete

කේරල ගංජා හා කල්ලූ මලයාලම් ගුරුකම්

                                                  මේක දවස් කීයපක ඉදලා ලියන්න ඕනා කියලා හිතාගෙන හිටපු දෙයක්. කතාව මෙහෙම පටන් ගන්නම්​කො. කේරලය...