Tuesday 7 February 2017

සති අන්තයේ Famous Grouse එක්ක හින්දි කෙල්ලන්ගේ බුරියට ඩිරාම් කුට්ටි විසිවෙනවා බැලීම


ජනවාරියේ මැද දවසක රෝමාන්තික රස්තියාදුකාරයාගේ පොස්ට් එක දැක්මෙන් හිත හිරි වට්ටපු නිසාත්, කාලෙකින් මොනවත් වෙන්න බැරි උන නිසාත්, රෝමාට පුංචි කොමෙන්ටුවකින් සංග්රනහ කර දැන්නුවේ අමතක නොවන හැන්දෑවන් කිහිපයක්ම රෝමායි මමයි මුහුදු වෙරළක් අයිනේ මද පමණින් ගෙවා දමා ඇති නිසාය. අදට අතේ දුරින් ඉන්න එකම යහළුවාට දැන්වුවත් නොවැලැක්විය හෙතුවක් නිසා එන්න නොහැකි වීම ගැන ඌ ශෝකය ප්රැකාශ කලා. බැලින්නම් ඌට ඇනුවල් ඩාන්ස් එකලු. මගේ ඔෆිස් එකෙත් ඉන්න උන් සියලු ආගමික චාරිත්ර් ඉටු කරන රහසින් වත් පව් නොකරන උන් ටිකක් නිසා දැනුවත් කිරීමෙනුත් උන්ට පව් සිදු සිදුවිය හැකි නිසා නොදන්වාම 6 ටම ඔෆිසියෙන් පැන්නා. මග දිගට කුමන වෙළඳ සන්නාමයක් යටතේ ඇති බෝතලයකින් වීදුරුවට වක් කරගන්නවාද සිතමින් පැයක්ම නාස්ති කර අදාළ තැනට පැමිණියා. සති අන්තයේ දිනයක් නිසා දකුණු ආසියාතික රටවල මිනිස්සුන්ගේ මේ අවන්හල යම් තාක් දුරකට කල් වේලා ඇතුවම පුරවා තිබුණා.

හරියට පුටුවේ පස්ස තියා ගන්න හැමබවුනෙත් නෑ, ෆිලිපින් ජාතික කාන්තාව ඕඩරය බාර ගන්නට මගේ ඉස්සරහින් ඇවිත් හිටගත්තා. පැයක් කල්පනා කාලේ අපරාදේ කියා සිතුනේ තාමත් බ්රෑතන්ඩ් එක ගැන අවසන් තීන්දුවකට ඇවිත් හිටියේ නැති නිසා. කාලෙකින් රස බලන්නට නොලැබුණු Famous Grouse ලෙසට තීන්දු කර ඒ බව ඇයට දන්වා වට පිට ඇහැ යැවුවා. ඉන්දියානුවන්ගේ ජාතික පානය බඳු වූ Kingfisher බීර බෝතලයක් සෑම ඉන්දියනුවෙක්ගේම ඉදිරිපිට තිබුණා. ටෙලිවිශෝන් 06 න් 03 කම වීරත් කෝලි එංගලන්තෙට එරෙහිව සටන් වදිමින් හිටියා. ඉතිරි ඒවායේ පැරණි හින්දි සින්දු, ඉංග්රී සි චිත්රෝපටයක්, පා පන්දු තරගයක් විකාශය වෙමින් තිබුණා. කල් වෙලා ඇතිව ආපු නිසා නිදහසේ කරගෙන යන ආකාරය ගැන කල්පනා කරමින් ඉන්නකොට තමයි මේසය අඩුම කුඩුම වලින් පුරවා අවසන් උනේ.තනියම ආපු එකේ විපාක වඩි දෙකක් පමණ හිස් වෙද්දීම හොඳටම දැනෙන්න පටන් ගත්තා. සෑමදෙනාම තම තමන්ගේ හිතවතුන් එක්ක තමන්ගේම ලෝක වල තමන්ගේම සතුට සොයමින් හිටියා. තවමත් වීරත් කෝලි එංගලන්තටට එරෙහිව සටනක, පැරණි හින්දි සින්දු, වෙනත් ඉංග්රීවසි චිත්ර පටියක්, පා පන්දු තරඟයක් විකාශය වෙමින් තිබුණා. බුකියේ පස් හය පාරකට වඩා උඩට පල්ලේහාට ගියා. ම්හ්හු එකෙක් ආසාවට ඔන්ලයින් නෑ චැටක් දාන්න. පරණ පොටෝස් ටික බැලුවා... බ්ලොග් දෙක තුනක් කියෙව්වා... යාන්තමින් 9.30 වෙලා. වීරත් කොලි සටන ජය ගෙන තිබුණා. කළු සුදු හින්දි සින්දු පෙළ පරණ වර්ණ සින්දු පෙළක් දක්වා මාරු වෙල තිබුණා. ඉංග්රීිසි චිත්ර පටියක් හා වෙනත් පා පන්දු තරගයක් විකාශය වෙමින් තිබුණා. තැනින් තැන ඇහෙන පුංචි පුංචි කතා ගොඩක් මහා කාලගෝට්ටියක් දක්වා උඩු දුහා තිබුණා. මම මාත් එක්ක තනිවෙන්නට හිතාගෙන ආවත් වැඩක් උනේ නෑ. හිටියා ඇති. බැස්සා එලියට. අඩි කිහිපයක් යන්න හම්බවුනේ නැ පිටි කොටනවා වැනි සංගීතක් යන්තමින් කනේ ගෑවුනා. අසලින් ගැවසුනු මහා දේහධාරී අප්රියකානු ජාතික ආරක්ෂකයා මම බලාපොරෝත්තු වුනාටත් වඩා මට ඒ සංගීතය ආපු ඉස්සව්ව ගැන දීර්ග විස්තරයක් කලා. ඉන්දියානුවන්ගේ සමාජ ශාලාවක්ලු. ඉන්දියානුවන්ගේ ආතල් අපිට දිරවන්නේ නැති නිසාම යන්නට හැරුණත් අන්තිමටම ඇහුන වචනේ නිසා ඉස්සරහාට තිබ්බ අඩිය පස්සට ගන්න උනා. House සංගීතයට නටන්නට කවුද අකමැති.   

පඩි පෙළ නැග දොර අරගෙන ඇතුල් වූ විගසම දැනුනේ පෙර කී සංගීතය වෙනුවට දැන් ඇහෙන්නේ හින්දි චිත්රනපටි වල මංගල උත්සවයකදී ඇහෙන සින්දුවකි. දෙවනුවට දැක්ක දෙයින් පොඩි කුකුසක් දැනුන නිසා කොනේම තිබ්බ මෙසේ පුටුවට බර උනා. ශාලාවේ මැද තනා තිබුණු අඩියක් විතර උස වේදිකාවක ඉන්දියානු හා පකිස්තානු සම්භවය ඇති සුන්දර කිරි කිරිස් යුවතියන් තුන් දෙනෙක් බඹයක් විතර ගැඹුරැති බුරියත් අර 'flawless legs' ද මොනාද කියන එව්වත් විදහා දක්වමින් සරාගී නැටුමක් රඟ දක්වමින් උන්නා. එවැනිම තවත් සුන්දර ලඳුන් දහයක් විතර පසුපසින් තිබු බැංකුවේ තම වාරය එනකන් කල් මරමින් හිටියා. වැරදි තැනක ඉන්නේ කියලා දැනුනත් මොකද්ද මෙතන වෙන්නේ කියලා දැන ගන්න තිබුණ ආශාව ඉහ වහා ගත්තා. සුපුරුදු සන්නාමයෙන්ම ඇනවුමක් බාර දී දුම් වැටියක් දල්වාගෙන සුන්දර හින්දි සන්ගීතයට දෙසවන් යොමු කරමින් නොගැලපෙන නැටුමෙහි දෑස් රැදෙව්වා. ඔය අතරදී තමයි පස් දෙනෙකුගෙන් සැදුම් ලත් කණ්ඩායම් දෙකක් දෙකොන ඇති ඔවුනටම කල් ඇතිව වෙන්කර තිබුණු මේසයන් වටා අසුන් ගත්තේ. ගෙදරට වඩා මෙහි හුරුපුරුදු බවක් ඔවුන්ගේ හැසිරීමෙන් දැනුනා. කොහේදෝ මුල්ලක සිටි මැනේජර් සහබ් දුවගෙන ඇවිත් වැන්දේ නැති ටික විතරයි. රඟ දක්වමින් සිටි ලඳුන් නැටුම නැවැත්තුවා. වාඩි වී හිටි ලඳුන් හුන් අසුනෙන් නැගිට්ටා. ලඳුන් සියල්ලෝම පෝලිමට සිට ගෙන අල්ල මුහුණට පෙන්වන ඉන්දියානුවන්ගේ ආචාරයකින් සංග්රුහා කලා. ඇනවුමකුත් නැතුවම වැඩට හිටි කොල්ලන් කඩිමුඩියේ මේසය අඩුම කුඩුම වලින් පිරෙව්වා. මයික්රේෆෝනයක් අතැතිව ඉදිරියට ආපු මැනේජර් මහත්තයා හින්දියෙන් දීර්ඝ විස්තරයක් කලා. ක්ෂණයකින් මුළු ශාලාවම නිෂ්ශබ්ද උනා, අඳුරු උනා.  

මොහොතකින් විදුලි පහන් දැල්වෙද්දී කළු පාට සාරියකින් සැරසුනු සුන්දර ඉන්දියානු යුවතියක් ඇගේ දිගු කෙස් වැටිය විහිදා, නළලට පොට්ටුවක් තබා, පා වැසුමක්ද නොමැතිව, කිසිදු අභාරණයකින් තොරව, සිනහවකුදු නැතුව, වේදිකාව උඩ විලියෙන් තොරව සිටගෙන සිටියා. මට ක්ෂණයකින් මතක් උනේ ශිවන්යාඩව. අර්ජිත් සිංග් ගේ මධුර ස්වරය වැයෙද්දී ඇගේ නැටුම කමක්ක්රශරමයෙන් තීව්ර උනා. ඇයගේ නැටුම අතීශය සරාගී නැටුමක්ම උනා. පෙර කී එක් කණ්ඩායමක් ඉදිරියේ ඈ බිම පෙරළෙමින් හා ඇදෙමින් මම කවදාවත්ම දැක නැති තරම් සාරාගී මෙන්ම සුන්දර නැටුමකට වඩා රැඟුමක් පෑවා. කණ්ඩායමේ නායකයා යැයි හඳුනා ගත හැකි ඉන්දියානුවෙක් සිෂා දුම් රැලි යවමින් ඔහුගේ නමටම වෙන් වූ මේ රැඟුම නිකටේ අත හොවා හිස දෙපසට නලවමින් සිහින ලොවක මෙන් රස විඳිමින් උන්නා. නැටුම අහවර වෙද්දී නායකයාගේ අණින් ගෝලයෙක් සල්ලි මිටියක් ඔහු අත තැබුවා. ඒ සල්ලි මිටිය ඇ දෙසට විසිකර ඔහුගේ වතකම කියා පාමින් ඇගේ නැටුමේ වටිනාකම සතෙටම ගෙවලා දැම්මා. එයිනුත් නැවතුනේ නෑ. දෙවැනි අණින් රූප සුන්දරියන්ට පළඳවන ඔටුන්නක් ඔහුගේ අතට වැඩියා. එය ඇගේ හිසේ පලන් ඔහු ඇගේ කොපුල් සිඹ ආචාර කලා. ඇය ඇගේ අල්ල මුහුණට පෙන්වා ආචාර දක්වමින් අන් ලඳුන් හා එක්වුණා. මම බිල ගෙවා දමා house සංගීතය සොයා ගියා.

22 comments:

  1. Replies
    1. මෙහෙත් (බොගෙ අල්ලපු වැටේ- අබුඩාබි) ඔය වගේ ගොං ආතල් එමටයි බුරහස්පතින්ද රෑයි සිකුරාද රෑයි. ඉන්දියං , පකිස්තාන් බංගාලි ඩයල් දිව බුරිය ගාවට ඇදං බලං ඉන්නෙ

      Delete
    2. සිරවර බං ගෑනු දැකලා නෑ වගේ. කොහොමත් ඔය රටවල් වල ගොන් ආතල් ලංකාවේ අපටනම් දිරවන්නේ නෑ. හදුනා ගන්න ලැබීම සතුටක් මිත්‍රයා..

      Delete
  2. අපරාදේ බං තව ෆොටෝ ටිකක් දාන්න තිබුනේ

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ගන්න දෙන්නේ නෑ එතැන. මම ඔවා අන්තර්ජාලෙන් ඇදලා දැම්මේ කුරහන්

      Delete
  3. අඩේ උඹත් එක්ක ආයෙත් සෙට් උනාම කට ඇරගෙන අහන්ඩ සෑහෙන දේවල් තියෙනවා නේ බන්

    ReplyDelete
    Replies
    1. උබත් එක්ක සෙට් වෙන එක ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ බං...

      Delete
  4. පැය ගතවුණත් සුන්දර එම රැය තරුණයි
    ගිය මතකයක රස තවමත් හද පුබුදයි
    ඔය කිව් රුවට වසඟව දිගටම රැඳුනයි
    ඇය දැක දැකම යළි ආ එක ගැන පුදුමයි......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මටත් පුදුමයි දුමි. ඉන්න හිත දුන්නේ නැ. ගොන් ආතල් එකක් වගෙයි මට දැනුනේ. හැමදාමත් වගේ කවියකින්ම කරන සංග්‍රහයට ස්තූතියි දුම්. ජයවේවා !!!

      Delete
  5. ෆිලෝ........මේවා තවම වෙනස්වෙලා නැති හැටි බලපන්. මම 1987 වගේ කාලෙක ඔමාන් ගියේ. ඒ කාලෙත් මේ සෙල්ලම මේ විදිහටම ගියා. සල්ලි ඉනේ ගහන එක..වරේ වා..කිය කිය තලු මරන එක...තාම ඒ වගේ. ඒ නටන කෙල්ලො ගැන හරි දුකයි බං. ඔය ලැබෙන සල්ලිවලින් ඉතාම සුලු කොටසයි ඒ කෙල්ලට ලැබෙන්නේ. ඉතිරිය නටවන මහා එකාට. නටන අයගේ ඔය සරාගී බැල්ම, චලනය ඔක්කොම ස්ටේජ් එක උඩ විතරයි. උන්ගේ ඇතුලාන්තය වෙනම දුකක්.හැබැයි ෆිලෝ ඔය ආතල් එක ගන්න යන එවුන් නැත්නම් ඔය කෙල්ලො මහ පාරේ. ඒ නිසා උන් ඉන්න ඕන. ඉන්දියාවේ ඩාන්ස් කරන අය ඉන්නේ ඔයිට වඩා ගොඩාක් ඉහලින්. ඕක පොඩි මාෆියා එකක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අරුණ. දැන් දැන් පොඩ්ඩක් අප්ඩේට් වෙලා වගේ. එකනේ ඔටුනු පළඳන වැඩ එහෙමත් කරන්නේ. පිටිපස්සේ බංකුවේ වාඩි වෙලා ඉන්නකොට ඔය කෙල්ලෝ ඔහේ ඉන්නවා බං බලාගත්තු අත බලාගෙන. අකමැත්තෙන් කරන බව හොඳටම පේනවා.

      Delete
  6. මෙහෙත් තියෙනවා ..ඕමානයේ

    ReplyDelete
    Replies
    1. හැමතැනම තියෙනවා වගේ එහෙනම්

      Delete
  7. ඔය බෙලි ඩාන්ස් එක හොඳටම කරන්නේ තුර්කි කෙල්ලෝ සහ අසර්බයිජාන් කෙල්ලෝ. උන්ගේ අන්ගෙන්ම වගේ තියෙනේ උන්ගේ සංස්කෘතියේ අංගයක්. මෙහෙත් තුර්කි එවුන් තමා කලේ. අපේ යාළුවෙක් ඉන්නවා නිකන් ජොලියට ටීම් එකක් හදාගෙන නටන. නමුත් දැන් තුර්කියේ විතරක් නෙමේ මෙහත් තුර්කි එවුන් එලවල රුසියන්, යුක්රේනියන්, රුමේනියන් කෙල්ලෝ ඒ තැන අල්ලාගෙන. මේ ලඟදි එක රෙස්ටුරන්ට් එකෙකේ ඔය පරණ තුර්කි හා ලුත් නගෙනහි යුරෝපිය කාණ්ඩ දෙකක් කෙහෙවලු පටලාගෙන ගහ ගත්තලු.

    ReplyDelete
    Replies
    1. නෑ අජිත් මේ බෙලි ඩාන්ස් නෙමෙයි. බෙලි ඩාන්ස් හරි ලස්සනයිනේ. මේක මේ ඉන්දියාවේ, පාකිස්තානේ කෙල්ලෝ සල්ලි ඇඟ පසඟ පෙන්නලා නැටීමක්...

      Delete
    2. එහෙමත් එකක්ද?

      Delete
    3. එකනේ අජිත්. ඔය ෆෝටො දෙකේ තියෙන විදිහටයි වැඩේ යන්නේ.

      Delete
  8. අපිට මේවා දිරවන්නේ නැති උනාට ඉන්දියානු, පකිස් සහ බංගාලියන් මේවට කෙළ පෙරාගෙන ... මේ නැටුම් අස්සෙම සහ ඉවර වෙලා වෙන වෙන නැටුම් එහෙමත් තියෙනවා ... :)

    ReplyDelete
    Replies
    1. එහෙමද කාණ්ඩා. එහෙනම් වැඩි වෙල ඉන්නේ නැතුව ආපු එකමයි හොඳ. හික්..

      Delete
  9. මාත් ඩුබායි ඉන්ඩියන් නයිට් ක්ලබ් වලට ගිහින් තියෙන්නේ දෙතුන් පාරයි. මෙලෝ රහක් නෑ. ගෑනු නටනවා සල්ලි තියෙන උන් ස්ටේජ් එකට සල්ලි විසිකරනවා.
    ඉසර මම බඳින්න කලින් ඩේරා ඉන්න කාලේ තිබ්බා ශ්‍රී ලන්කන් නයිට් ක්ලබ් එකක්.
    අන්න නයිට් ක්ලබ්.
    බොනවා නටනවා කෙල්ලෝ කොල්ලෝ එක විකාරයි.
    ගොඩක් කොල්ලෝ එන්න ඇන්ටිලා එක්ක. උන් එක්ක එන ඇන්ටි කෙනෙක් වෙන එකක්ගේ ඇඟේ හැපුනොත් ගිනි විජ්ජුම්බරයයි.
    මරා ගන්නවා.
    නයිට් ක්ලබ් එක වැහුවා ඒ කාලෙම

    ReplyDelete
    Replies
    1. මටත් මචං කියලා ලංකාවේ නයිට් ක්ලබ් එකක් සෙට් උනා බර් ඩුබායි වල. පට්ට. ලංකාවේ ඉන්නවා වගෙයි දන්නෙන්නේ. වැලි යන නිසා ඒකත් වහලා දැම්මා.... අපරාදේ...

      Delete

කේරල ගංජා හා කල්ලූ මලයාලම් ගුරුකම්

                                                  මේක දවස් කීයපක ඉදලා ලියන්න ඕනා කියලා හිතාගෙන හිටපු දෙයක්. කතාව මෙහෙම පටන් ගන්නම්​කො. කේරලය...