රුව වැහැරිලා ගිහින් ඇතුවත්
ඇයි ද නොම විමසුවේ මෙතුවක්
දෙතන එල්ලා වැටෙනු දුටුවත්
ඇයි ද නොම විමසුවේ මෙතුවක්
සඳ අවරට ගියා සේ
පැන්නා කඩයිම් වයස ඈගේ
ආදරේ සුව සොයපු යහනේ
දඟම මල්ලක් නිදයි ඒ පපුතුරේ
පිය කිරුළ මගේ හිස පළන්දා
ඇගේ දරුවෙකු සේ මා රැක්කා
මගෙන් උන ඒ අඩුව දැනිලා
මොනවා කෙරුවත් මදියි සිතුනා
වැරදි හැඟුමක් හිත පෙළයි අද
අකුරු ගැලපිය නොහි ඈ ගැන
හිතට ආ ඒ වදන් එලෙසම
අපිලිවෙළකට අමුනමි මම
අකුරු අමුණා ලියන්නට නොහෙනා
ReplyDeleteලියා නිමවෙන තැනදී මඟ හැරුනා ද සිතෙනා
හඟින්නට බැරි මනින්නට බැරි උපමාද හමුනොවෙනා
බැදීමක් වේද ඒ තැන නන්නාඳුනන දෙහදවත් බැදෙනා...
කොතෙක් කිව ද පලක් නොවෙනා
ඇගේ හදවත දුකින් පෙළෙනා
එබදු හැඟුම ම සිතින් දරණා
නමක් වේ නම් බැතින් කියනා...
ප්‍රේමයයි ඒ සසරේ සරණා....
ඔබේ සිතුවිල්ලම ඇය ත් එලෙසින්ම දරනවාට සැක නැ පිලසොෆි. හරිම අව්‍යාජ භාව ප්‍රකාශනයක්...
හරි අපුරුයි එරන්දි. මට වඩා හොඳින් ඒ හැගීම ඔයා තේරුම් අරන් තියෙනවා. ඇත්තටම මේ මගේ අත්දැකීමක් නෙමෙයි. මගේ අත්දැකීමුත් නැතුවාම නෙමෙයි... හික්... බොහොම ස්තූතියි...
Deleteම්ම්...
ReplyDeleteදැනෙන කවි ටිකක් පිලෝ.... වටිනවා.
ජයවේවා!!!
බොහොම ස්තුතියි දුමි..
Deleteහ්ම්ම්ම් ... අපූරුයි....
ReplyDeleteස්තුතියි සඳවතී...
Deleteපස්සෙ හරි ඕවා තේරුණ ඒක ලොකු දෙයක් බන්
ReplyDeleteමන් ගැන ලිව්ව දෙයක් නෙමෙයි බං. පොදුවේ හිතලා ලිව්වේ.
Deleteමේවා කියවනකොට නෝනව මතක් වෙනවා බං. කෝල් එකක් දෙන්න ඕන දැන්
ReplyDeleteඒවා අමතක වෙන්න අරින්න එපා කුරහන්...
Deleteමෙහෙම වෙනවා බං. බොරු කියලා සුචරිතයෙක් වෙන්න පුලුවන්. ඒත් ඒක හිතට හරි මදි.
ReplyDeleteබොහොම හරි අරුණ. බොහෝ පිරිමි නොකරන්නේ පිරිමි කමට මදි කමක් වෙයි කියලා.
Deleteඅව්‍යාජව හිතක මතුවන අදහස් මිනිසුන් අතර සාමකාමීව කියවෙනවා නම් (ලියැවෙනවා වගේම) ....
ReplyDeleteබොහොම හරි. මීට වඩා ලස්සන තැනක් වේවි...
Delete