යාන්තමින් බහ තොරන වයසේ ඉදං එකට හැදී වැඩුන උන් එක්කත් මෙසයක් වටේ වට වෙලා ඔහේ කියවන වෙලාවට දේශපාලනය ගැන කියවපු දෙයක් නැති ගානයි. "ඇඩෝ දේශපාලනය ගැන නැතුව වෙන ඕනම දෙයක් කතා කරමු" කියන තැනට අපි ඔක්කම එකග වෙලයි හිටියේ. ජීවිතේ වෙන අතිශයම පුද්ගලික දෙයක් උනත් බෙදාගන්න දෙපරක් හිතන්නේ නැති මුන් ටික කවම දාවත් පුද්ගකික දෙකට ලියුමක් ගන්න පලාතේ මන්ත්‍රි ගාවට ගියා කියලා අහන්න ලැබුනේ නැ කවමදාවත්. ඒ දන්සලකට සල්ලි එකතු කරන එකේ ඉදලා ලමයෙක් ඉස්කොලෙට දාගන්න, නැතිනම් රජයෙ රස්සාවකට දගන්න උනත් දේශපාලනඥයෙක් ගාවට නොයන්න අපේ උන්ට කොන්දක් තිබුනා. බෙදුව ක්‍රිඩා භාන්ඩයක් වත් ගන්න යන්න අපේ එකෙකුටවත් උවමනවක් තිබ්බේ නැ. ගමේ හැම පොදු දෙටම ඉස්සරහින්ම හිටගත්තේ අපේ උන් ටික තමයි. වෙසක් එකට කැරකෙන කූඩු, දන්සැල්, ලේ දන් දිම් කාගෙන් වත් සතයක් වත් එකතු නොකර කරන මුන් පන්න්සලේ ලොකු හාමුදුරුයි පල්ලියෙ පියතුමයි මුලාසනයේ එකට ඉන්දවන්න, අනුසාසනයක් ලබන්න කවදාවත් අමතක කලේම නෑ. පල්ලියේ මන්ගල්ලෙට කොඩි ගහ උස්සන්න, කොඩිගහට අලුතින් තීන්ත ගාන්න, වීදි යන අයට බීම බිස්කට් දෙන්නත් හැම අවුරුද්දකම පුරුදු වෙලයි හිටියෙ. ඒ කවම දාවත් අර මන්ත්‍රි ගාවට යමු, මේ මන්ත්‍රි ගාවට යමු කියලා කාගෙවත් කටින් පිට නොවුන එක මට අදටත් පුදුමයක්. ඒත් අපේ හැම එකාටම තමන්ට විතරක් සීමා උන දේශපාලන කියවීමක් තිබ්බා කියලා ඒකෙක් නෑර දැනගෙන හිටියා. ඒත් එකෙක්වත් ඒක තව කෙනෙකුගෙ ඔලුවෙ තමන්ගෙ දෙශපාලන මතය පැල කරන්න වචනයකින්වත් දායකත්වයක් දේන්න ගියේ නැ. රොත්ත පිටින් චන්දේ දාන්න ගියත් "කාටද බං උඹ චන්දේ දැම්මෙ" කියල අහන්න එකෙක්ගෙ වත් දිව නැමුනේ නෑ.
කාලය ගත වෙනකොට ආයතනයන් ඇතුලේ හම්බ වෙන්නන්ගෙන් ආයතනය පිටතදි මුන ගැගෙන්න හිත හදාගන්න පුලුවන් උනේ බොහොම අතලොස්සක්. නැති තැන නුගුන් කියන්නන් අතර ඉන්නට මට ලොකු අපහසුවක් දැනුනා. මේ මේසයේ එක් පුටුවකට මා බරවි නැති මොහොතක මගේ නුගුන මොවුන්ගෙ මාතෘකාව වෙන බව මා දැනගෙන හිටියා. කවදාවත් දේශපාලනය නොකරපු කෙනෙක්ගෙන් දේශපාලනඥයෙක්ගේ නොහැකියාව කීම හෝ උපදෙස් දීම සම්ප්‍රප්පලාපයක් වන බව නොතෙරෙන්නන් අතරට නොගිහින් ඉන්නට මන් තීරණය කලා. ඔහුගෙ හෝ ඇයගේ මතය මාගෙ මතය නොවෙන විටදි මා හතුරෙකු විදියට දැක්කේ ඊයේ මගෙ කෑම එකට අත දාලා කාපු කෙනම වෙද්දී නින්දිතයි නේද කියලා හිතෙන්න පටන් ගත්තා. මං කතා කරන්න ආසම විශයන් වූ ගීත සාහිත්‍ය, සංගීතය, පෙරදිග අපරදිග විද්‍යාවන්, බිස්නස් හො මුදල් ගැන කතා කරන්න කැමති කිහිපදෙනෙක් හරි ඉන්න එකත් ලොකු සැනසීමක්. කාලය පැය වලින් ගෙවිල යනවා නොතේරෙන ඒ හැම වෙලාවකම අනෙකාගෙ අදහස පොෂණය කරන්න හෝ ඌන පූර්නයකට හැම කෙනෙක්ට උවමනාව තිබ්බ කියලා කියන්න ඕනෑවටත් වඩා සාක්ෂි තිබුනා. කන්න කැමති කෑම බීම පවා ගැලපුන තැන් වල සතුට විතරක්ම ඉතුරු තිබුනා. ඒවා මතක විදිහට ඉතුරු උනා.
තමාගේ දේශපාලන මතය සමාජ මාද්‍ය වල කියන්න පොර කන අය කාලයකට කලින් එකෙක් රජෙකු කරන්නටත් දැන් තවකෙක් රජෙක් කරන්නට පොර කන්නෙක් නේද කියලා හිතෙද්දිත් ඉස්සර දැනුන නින්දිත හැගිම මට අදත් දැනෙනවා. ඒක දෙගුන තෙගුන වෙන්නේ ඔවුන් වෙනත් රටකට සේවක කරන්නෙක් වෙලා අවුරුදු කීපයකට සැරයක් ලංකාවට යන්නෙක් උනම. තමන් ඒ රටෙ ඉන්නේ නැතිනම් තමන් ඇයි එ රටේ මිනිසුන්ගෙ ඔලුවට තමන්ගේ දෙශපාලන මතය බලෙන් රින්ගවන්න දගලන්නේ කියල මට අදටත් නොතෙරෙන දෙයක්. තමන් කමති දේශපාලන පක්ශය කරන හැම දේම අන්ධව පිලිගන්න තරම් තමන්ට දේශපාලන දැක්මක් නැති එකට තමන් ලැජ්ජ විය යුතුයි. ඒහෙම හිතන්න හැමොටම බැරුව ඇති. ඒ අන්ධ බවට වහල් බවත් එකතු උනම කියලයි මට නම් හිතෙන්නෙ. නිවහල් නම් තමන්ගෙ දේශපාලන මතය නොදරන්නෙක් හතුරෙක් විදියට පෙන්න විදිහක් නැනේ. හැමොටම තෙරෙන්නෙ තම තමන්ගේ නැණ පමනින් නේද කියලා නොතෙරෙන්නෙත් තම තමන්ගෙ නැණ් පමනින් නේද කියලා තේරුණා නම් කොච්චර හොදද කියලා මගේ නැණ පමනට් තේරි දැන් ගොඩක් කල් ගොසිනි. මත් එක්කම එකට ලොකු මහත් උන උන්ටත් එ නැණ එ පමනින්ම තියෙන එක ගැන සතුටු වීමට කාරනයකි.
කතිරයක් ගහන්නට පැන්සල් කොටේ අතට ගන්නේ තමන්ගෙ ස්වයං විවෙචනයකින් නැතුව දෙමව්පියන්ගෙ දේශපාලන් මතය උඩ නම් හත්ලිස් අටෙන් පසු දේශපාලන ක්‍රමයට බනින එකෙ කිසි තෙරුමක් නැත. මොකද තම දෙමව්පියන් තව දුරටත් රටෙ අනාගතය නොව තමනුයි රටේ අනාගතය යැයි නොසිතිම වරදකි. මොකද ඔබේ දෙමව්පියන්ද ඔබ ගැන සිතන්නේ නැතුව පක්ශයක් බදන් එකම වරද සැරින් සැරේ කල, අදටත් කරමින් සිටින්නන්ය. දත්ත හා ඉලක්කම් මොවුන්ගෙ නොහැකියාවන් අවුරුදු හැත්තෑපහක් පුරාවට කියමින් සිටී. එය කියවා ගැනිමට නොහැකි විම ඔබගෙ නොහැකියාවම පමණකි. එයින්, දේශපාලනය තැන තැන කියවීමට නොව, තම නැණ පමනින් කියවා ගැනීමටය.
පිටරට ඉන්න අය එක්ක තියෙන තේරෙන්නේ නැහැ. ඔයත් පිටරටකට ආවොත් තේරෙයි තමන් උපන් රට ගැන හැඟීමක් තියෙන බව අනික එහෙම ඉන්න අයගේ නෑදෑ යාලුවෝ ඉන්නෙත් දාල ගිය රටෙමයි. උන් පොහොට්ටුවේද, යුඇන්පී ද ජවිපෙ ද පෙරෙට්ටුවෝද කියන එක අදාල නැහැ.ඒ අයට කතා කරන්න , අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියනව. ඔයා කැමතිනම් අහක බලාගෙන ඉන්න එක, ඔය ආයතනයේ කළා වගේ කරන්න ඕනේ. එංගලන්තයේ ආයතන වල එක හොඳක් තමා කවුරුත් දේශපාලනය කතා කරන්නේ නැහැ. නැත්නම් හරිම අඩුයි. ලංකාවේ හැඟීම් අවුස්සගෙන කතා කරනවා වැඩියි. ඔය උඩ කියා තියෙන දේවල් හරි තමා. අනිකා දේශපාලන මතය රිංගන්න එනවනම් ඒක නොගෙන හිටියම හරි. නමුත් ඒ අයට තම අදහස කියන්න අයිතිය තිබෙන බව වටහා ගන්නත් ඕනේ. නැත්නම් මෙහම අපි කිසිම දෙයක් ලියන්න අවශ්‍යත් නැහැනේ. ඔය කතාව මට දර්ශනිකයෙකුත් කිව්වා. ලින්ක් එක අපහල.
ReplyDeleteමමත් මැදපෙරදිග රටක ජීවත් වෙන්නේ දැන් අවුරුදු කිහිපයක් තුල. බොහොම ස්තුතියි ඔබගෙ අදහසට.
Deletehttps://kolambagamaya.blogspot.com/2019/04/blog-post_2.html
ReplyDeleteඅපුරුයි. බොහොම ස්තුතියි මාව යොමු කරාට.
Delete