'මලයාලි කොලයාලි' කියලා දෙමල කියමනක් නිතර අහන්න හම්බවෙන්නෙත් ඉන්දියනු මිනිස්සුන්ගෙ කටින්මයි. සරල තේරුම මලයාලි මිනිස්සු විස්වාස කරන්න එපා කියන එකයි. එ කතාවෙ නම් සාදරන ඇත්තක් තියෙනවා කියන එකයි මගෙ නම් අදහස. මට හමුවෙලා තියෙනව කේරලා මිනිස්සුන්ගෙන් අති බහුතරයක්ම විස්වාස කරන්න බැරි මිනිස්සු. කතාවට කියනව වගේ දිව දෙකේ මිනිස්සු. ලොකේ කොහෙ රටකට ගියත් මේ මිනිස්සුන්ව ඔයාට හම්බවෙන එක නම් වලක්වන්න අමරුයි. පුදුම එකමුතුවක් තියෙන මිනිස්සු. එයාලා කඩයකින් බඩුවක් ගත්තොත් එ කේරලා මිනිහෙක්ගෙ කඩයකින්, කෑම කැවොත් ඒත් එහෙමයි. අපිවත් පුරුදු කරන්න හදනවා එයලාගෙම කඩයකටම යන්න. ගෙයක් කුලියට දුන්නත් එයාලාගෙ අයටම විතරයි. කතාකරන්න කලින් මලයාලිද කියලා සැක හැර දැනගන්න අමතක කරන්නේ නැති තරම්. ව්‍යපාර වලට බොහො දක්ශ අතර මැද පෙරදිග බොහොමයක් රටවල්වල නමගිය බොහොමයක් ව්‍යපාර වල අයිතිකරවන් (උදාහරණ - Lulu). පෙට්ටි කඩයක් සුපර් මර්කට් එකක් කරන්න දන්නවා. වැඩ කරන තැන එක්කෙනෙක් හිටියොත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව සහයොගයෙන් වැඩ ටික කරගෙන යන්න බාදාවක් නැ. හැබයි දෙන්නා, තුන්දෙනා උනොත් කතාවට කියනවා වගෙ 'පොලිටික්ස්' අයතනය ඇතුලේ පටන් ගන්නවා. ඔබට රස්සාව එපා කරවලා එතනට කේරලා යහලුවෙක් දාගන්න හැටි එයලා දන්නවා. මම මේ වගේ අත්දැකිම මට සහ මගේ යලුවන්ට වෙනව අවුරුදු 8ක වගෙ කලයක ඉදලා දැකලා තියෙනවා වගේම එයාලත් එක්ක වෙනත් විදෙස් ජාතිකයුනුත් අතේ දුරින් ගනුදෙනු කරනවා මම ඇති තරම් දැකලා තියෙනවා.
දැන් තාමා හොදම හරිය. කතා කරන්න හම්බවෙන ඕනැම වෙලාවක කේරලයේ විස්තරක් කියන්නේ හරිම උජාරුවෙන්. ලංකාවෙ වගෙම කොස්, පොල්, වැව් මාළු වගෙම දේශගුනයත් සමානයි කියලා Sri Lankan Airline එකේ හිටන් ඉන්න බැරි තරමට බීලා ලංකාව බලලා ගිය මිනිස්සු ඕනෑ තරම් කියලා තියෙන්නව. ඕහොම කාතා කරනකොට තමයි ලංකාවේ අපි කේරලයේ අපි දන්න දෙකක් ගැන හාර අවුස්සලා අහන්න පටන් ගන්නේ. ඇපිටවත් බොන්න ගංජා නැතුව උබලට එවන්න කොහේ තියෙන ගංජාද කියද්දී, මෙච්චර කල් අපි 'මරු පාර බං' කියලා ගැහුවෙ මොනද කියලා හිතනකොට පිස්සු වගෙ. KG ලංකාවේ මර ප්‍රසිද්දයි කිව්වම, කේරලයේ ගංජා තිබ්බත් උබලට එවන්නේ නැ යකො අපිට ගහන්නත් හොයගන්නේ අමරුවෙන් කියලා සැරටම කිව්ව වෙලාවල් ඇති තරම්. ඊලගට මලයාලි ගුරුකම්. ඒවානම් ගෙයක් ගෙයක් ගානේ හොයගන්න පුලුවන් කිව්වම මට මතක් උනේ දකුනේ ගුරුකමුයි. 'හැබයි ඉතින් ඔවා වැඩ කරන්නෙ දුප්පත් මිනිස්සුන්ට විතරයි. උඹ දුප්පත් නම්, උඹ ඕවා විස්වාස කරනව, උඹ විස්වස කරනවා නම් උබට ඒවා වැඩ කරනව' කියලා කියන්නේ කට කොනෙන් හිනා වෙන ගමන්. 'උබලටත් ඉතිං වෙන රටකින් එනවා කිව්වා නම් ඊට වඩා දෙයක් නෑ නේ' වගෙ එකක් තිබුනා ඒ මුනවල් වල.
ඔය දිව දෙකේ කතාව නම් ඕනැම ජාතියකට ඇප්ලයි කරන්න පුළුවන් නේද? ඒකට ජාතියක් ආගමක් අදාල නෑ කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteකේරළ මිනිස්ස්සු සැහෙන ප්‍රමානයක් ලංකාවේ සිංහල අය සමග සම්බන්ධ වෙලානේ තියෙන්නේ. එයාලගේ කෑම අපට ඇවිල්ල තියෙන්නෙත් එහෙමයි. අරිට්ට කිවෙන්ඩු කේරල වල මලයාලම් කාරයෙක් නේද? රජුට කෙලෙව්වේ
ReplyDeleteහ්ම්.....Lulu . හිත සෑහෙන ඈතකට ගියා. 🙏👌
ReplyDeleteකාලෙකට පස්සෙ ආවෙ. පුරුදු පිරිස දැක්කම සතුටුයි. හෙමීට කියවන්නම්.
ReplyDeleteජයවේවා !!!!
This comment has been removed by the author.
ReplyDelete