Saturday, 25 February 2023

පුතා ඔයා වැඩකද?




අයියේ, මේ තාත්තාට කතා කරන්න ඕනෙලු. අයියා වැඩකද?

වැඩ නම් තමයි න​​ංගි කමක් නැ දෙන්න​කෝ

පුතා ඔයා වැඩකද? කතා කරන්න පුලුවන්ද?

පුලුවන් තාත්තේ කියන්නකො. කොහොමද තාත්තාට

වරදක් නැ පුතා ඉන්නවා ඉතිං. පුතා හොදින් ඉන්නවා නේද? ලගදි ලංකාවට එන්නෙ නැද්ද? පොඩි අය එහෙම සනීපෙන් ඉන්නවද?

මං හොදින් තාත්තේ. පුතාලත් හොදින් ඉන්නවා. ඊයෙ හවසත් මං කතා කලා. ලොකු එක්කෙනා නම් ඉතිං ඉස්කොලෙ යනවා. සැප්තැම්බර් ඉදලා එ​යා ග්‍රෙඩ් 04 යන​වා. පොඩි එක්කෙනාට තවම අවුරුදු තුනාමරයිනේ. මං ලංකාවෙන් ආවට පස්සෙ තාත්තා එයලව දැක්කෙත් නැනෙ. දිනිති ඊයෙත් දෙන්නම ඉන්න පොටො කීපයක් එවලා තිබුනා. මං නංගිට එවන්නම්. තාත්​තා ඉතිං කතා ක​ලේ හදිසියක්ද?

හදිසියක්මත් නෙමෙයි පුතා. වැ​ඩ​පො​ලේ​න් නොවැම්බර් අන්තිම වෙද්දී නවතින්න කියලා කලින්ම කියලා තිබුනේ. ඉස්සර වගෙ වැඩත් නෑ දැන්. අනික දැන් මගෙ වයස​යි ​මේ දනිස් අමාරුව​යි එක්ක වැඩක් කරන්නත් අමාරුයි. පාත් වෙලා ඉදන් වැඩක් කලොත් මොකක් හරි අල්ලගෙන ඔනේ නැගිටින්න. මමයි, සමනුයි​නේ හිටිය වයසම දෙන්නා. සමන්ටත් නවතින්න කිව්වා දෙසැමබර් වල ඉදලා.

මට මතකයි තාත්තා කිව්වා කොයි වෙලේ හරි නවතින්න කියයි කියලා. නංගි කිව්වේව​ත් නැනෙ නැවතුනා කියලා. කොහොම උනත් තාත්තා නැවතුන එක හොදයි. නවතින්න කියනකන් යනවා කියලානෙ ගියෙ. නංගිත් වැඩට යන එකේ පොඩි දෙන්නවා බලාගෙන ගෙදරට වෙලා ඉන්න පුලුවන්නේ තාත්තට.‍‍

ඒහෙම තමයි පුතා මාත් බැලුවේ. 

තාත්තා ගෙදර නැවතුන එක හොද​යි. කවදා උනත් ගෙදර නවතින්න වෙනවානෙ. මං නංගි එක්ක​ත් කතා කරලා බල්ලන්නම්කො.එයා මොනවා කියයිද දන්නේ නෑනේ

නංගි මොනවා කියන්නද? ගෙදර නවතිනකන්ම මං ඉතින් ගෙදර වියදම් ගැන ​බැලුව​නේ

මම ඉතිං ඕවා දන්නේ නැනේ තාත්තේ. මට දැන ගන්න ඕනෙත් නෑ. 

​මාසෙකින් එන්න කියලා කිව්​වා එකවුන්ටන් මහත්තයෙ​ක් ආයෙ ​ETF, EPF කො​ල ටිට පුරවාලා දෙන්න. මාසයක් යනවලු මේ මාසේ කපපු ගාන දෙපර්තුමේන්තුවට ගෙවන්න. ඒක නිසා මාසෙකට පස්සේ කොල පුරවලා දෙපර්තුමේන්තුවට බාර දුන්නා නම් හරි කියලා කිව්වේ. කලින් ගෙව්ව ඒවයේ කොල ටිකත් මන් අරන් තියලා තියෙන්නෙ. සමහර විට ඒවත් ඕනෙ වෙයි. අනික ඕවා හම්බවෙන්න කොච්චර කල් යයිද කවුද දන්නේ පුතා. ඇවුරුදු පහක් ඇති ඔන්නම් කපන්න පටන් අරන්. කොන්තරාත් එකටනේ වැඩ කරගෙන හිටියෙ. ලොකු ගනන් ඕවයේ නෑ.

ඒක නම් ඇත්ත තමයි ඉතින්. කල් නම් යයි කොහොමත් ඕවා පාස් වෙලා එන්න

මම පුතාට කතා කලේ...

ඇයි තාත්තේ මොකක්ද ප්‍රශ්නේ?

නැ පුතා. ඊයේ රාගම කිලිනික් ගියානේ පුතා. සෙනග. නොමබරේ එනකන් ඉන්නකො​ට කතාවට වැටුනා මගෙ වයසෙම ව​ගේ වේයන්ගොඩ පැත්තේ මනුස්සයෙක්. ඉතින් වෙලා යන නිසා මන් අඩගැහුවා තේ එකක් බිලා එන්න යමු කියලා. ​මිනිහා අදි මදි කලා එන්න. මගෙ ගානේ බොමු කියලා දෙතුන් පාරක් අඩගැහුවට පස්සෙ තමයි ආවෙත්...

ඉතිං...‍​‍ 

ෆැක්ටරියක ලොරියක් එලවපු කෙනෙක්​ලු. පාන්දරි​න් ගෙදරින් ඇවිත් තියෙන්නෙ. කොච්චියේ යන්න සල්ලි ඉල්ලද්දී ගෙදරින් ගානට සල්ලි දිලා තියේන්නේ. තේ එකක්වත් නැතුව ගෙදරින් එලියට බැහැලා ඇවිත් තියෙන්නේ. ම​​ං ඕ​න දෙයක් කන්න කිව්වාම සීනි බනිස් ගෙඩියක් කෑව. තව කන්න කියලා කොච්චර බල කරත් කැවේ නෑ. ප්ලෙන්ටියක් ඉල්ලුවෙත්. ඒ​ත් කිරි තේ එකක් දාලා දුන්නා. මිනිහගෙ ඇස් වල කදුලු. වටේ මිනිස්සුත් බලනවා. පුතාට අමුතුවෙන් කියන්න ඔනේ නැනේ පිරිමියෙක් අඩනකොට බලන් ඉන්න පුලුවන්ද පුතා?

...

මටත් එහෙම වෙයිද පුතා ... ?

5 comments:

  1. ​ඉපිෆ් ඉටි​ෆ් කීවේ මොකක්ද? කතාව ලස්සනයි

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ETF EPF. බොහොම ස්තූතියි.

      Delete
  2. බොහෝ කලකට පසුව ඔබ ලියන්නට පටන් ගෙන! සත්තකින්ම ඒ පිළිබඳව අපගේ අවංක සතුට පිළිගන්න! දැන් දිගටම ලියන්න. මෙතෙක් "පුරා වස්තු" කොලමේ දක්වා තිබූ ඔබගේ බ්ලොග් අඩවිය අපගේ සින්ඩියේ "බ්ලොග් සඟරා" කොලමට එක් කොට ඇත. එසේම නැවත ලියන ඔබ වැනි ලේඛකයන් දිරි ගැණ්වීම සඳහා අප අලුතින් එක් කල "පුනරුප්පත්ති" කොලමටද ඔබේ බ්ලොග් අඩවිය එක් කොට ඇත. වරක් අපගේ සින්ඩියට ගොඩ වැදී බලන්න. ඔබගේ බ්ලොග් අඩවිය තුල අපගේ සින්ඩියට ඉඩක් වෙන් කර දෙනවා නම් එය අගේ කොට සලකන්නෙමු. අපගේ සින්ඩිය අවකාශයේ ඇති විශාලතම සින්ඩියයඉ!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. අනිවාර්යෙන්ම...

      Delete

බලධාරියා සර්වද?

බහුතරයකට තමන් දන්නා දේට එහෙමත් නැතිනම් තමන් විස්වාස කරන්ට දේට පරිබහරින් වෙනත් කෙනෙක් දෙයක් දන්නේ නම් නැතිනම් විස්වාසයක් ඇතිනම්, අනේකාට ඇහුම්...