Tuesday 27 February 2018

එමීර් රජ්ජයේ ඇෆ්ගනිස්ථාන් ජාතික ටැක්සි රියදුරා



මාස කිහිපයකට එපිට සිදු වූ සිදුවීමක් මෙසේ ලියමි.

ඩුබායි නගරයේ ජීවත් වීමේ පහසුව හොඳින්ම දැනෙන්නේ නගරයෙන් පිට වෙනත් එමීර් රාජ්ජයක (Emirates) කාර්මික නගරයක (Industrial Area) කන්න වත්  හරිහමන් කඩයක් වත් නැති තැනක වැඩ වටුනාමය. ටැක්සියක් ගන්නත් කිලෝමීටර් 1-2 දහදිය පෙරාගෙන පයින් යන්න උනාම හොඳම ගණන්ය. අත්‍යවශ්‍යම වැඩකට ඇරෙන්න ගමනක් යන්න හිත දෙන්නේ නැත්තේ ඔය හේතුව නිසාමය. ඒ යන ගමනක ටැක්සි රියදුරා කතාවට වැටී කුලුපගු වීම වැලැක්විය නොහැකි උනත් මමද හූමිටි තියන්නේ ඉතා කැමැත්තෙනි.

මහත්තයා කොහෙද
මම ශ්‍රී ලංකාවේ
Sri lanki number one (ඒ ඔහුගේම වචන වලිනි)

ඔන්න ඔහොම පටන් ගන්න කතාව දිගට ගලා යන්නේ අපි දෙන්නගෙම කැඩිච්ච ඉංගිරිසියෙනි. බොහෝවිට හමුවන ටැක්සි රියදුරෙක් එක්කෝ පකිස්ථානයේය නැතිනම් ඇෆ්ගනිස්ථානයේය. ඒ මොන රටේ උනත් “Sri lanki Number one” දෙබස නම් වරදින්නෙම නැත. ක්‍රිකට් මටත් ඔහුටත් පොදු මාතෘකා නිසා කුමාර සංගක්කාරගේ නම මුලින්ම ඔහුගේ කටින් පනී. ඊළගට මහේල, මාලිංගගේ සිට රොෂාන් මහානාම වෙනකන් ඔහු නම් එක දිගටම කියවගෙන යයි. මමද නිකන් අරින්නේ නැත. නමක් දෙකක් කියවෙද්දී  මේ ඇෆ්ගනිස්ථාන් ජාතිකයාගේ මුහුණේ හිනාවක් ඇදෙන්නේ ඉබේටම වාගෙය. (ඇෆ්ගනිස්ථානය, පකිස්ථානයට බොක්කෙන්ම සපෝට්ය)

මහත්තයා මොන ආගමේද
මම බෞද්ධ
ඒ කිව්වේ මහත්තයෝ
ථෙරවාදී බෞද්ධ
ඒ කියන්නේ මහත්තයෝ ජෙසුද
නැ ගෞතම බුද්ධා
දන්නේ නෑ මහත්තයෝ

එහෙමද. එකට කමක් නෑ. මන් හිතන්නේ ඔයා නම් ඉස්ලාම් වෙන්න ඕනා. පෙනුමෙන් හිතා ගන්න පුළුවන්
ඔව් මහත්තයෝ. එත් මන් මහත්තය කියන ඔය ආගම ගැන දන්නේ නෑනේ. ඉන්දියාවේ තියෙන හින්දු ද?
ඉන්දියාවෙන් තමයි එත් හින්දු නෙමෙයි. එක අමතක කරමු

දෙන්නම නිෂ්ශබ්ද වෙලා විනාඩි දෙක තුනක් ගෙවිලා ගියා. එත් මගේ දිව අග හොඳ උත්තරයක් තියාගෙන නොකියපු එක ගැන හිතට වද දුන්නා. ටැක්සි රියදුරෙක් එක්ක මේවා මොනාට කතා කරන්නද. එත් අන්තිමට කියන්න තීරණේ කලේ නොකියා ඉන්නට බැරිම නිසාය.

ඔයාට මතකද, මට මතක විදිහට 2001 දී ලොකු ප්‍රතිමා කිහිපයක් ඩයිනමයිට් දාලා පිපුරුවා. ඒ පුපුරපු ප්‍රතිමා අයිති බෞද්ධ ධර්මයට. එකට කිව්වේ බාමියන් බුද්ධ ප්‍රතිමා කියලා. 2001 ට කලින් තලෙයිබාන්වරු ටිකෙන් ටික ඒවා විනාශ කරමිනුයි හිටියේ.

එතනින් පස්සේ මං බහින් තැනට එනකල්ම අපි දෙන්නා අතර කිසිම කතාවක් උනේ නෑ මං මගේ නවාතැනට පාර කිව්වා ඇරුනාම. 

15 comments:

  1. පිලෝ... හොඳ උත්තරයක් දීලා තියෙන්නේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී. ඉතිහාසය වළලන එකනේ වැඩේ...

      Delete
  2. දෙන්ඩ ඕන උත්තරය

    ReplyDelete
  3. කාලෙකට පස්සෙ.... නියම උත්තරය

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ලියන්න නම් බැරි උනා සඳවතී. ස්තුතියි

      Delete
  4. Replies
    1. ලොකු පුතා ++++++[[ තමයි පෙනෙන්නේ.

      Delete
  5. හරියට හරි... මට ඒ සිදුවීම ගැන හිතේ තියෙන්නේ හරිම දුකක්..

    ReplyDelete
    Replies
    1. ඔව් අරු. ඉතිහාසය මකලා හරි ලේසියෙන්ම.

      Delete
  6. නියම කතාව .හරි දුකක් දැනෙනවා මතක් වෙද්දීත් පිලොසොෆි.පළමු වතාවට මේ පැත්තේ ආවේ,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තට ඇවිත් ගියාට...

      Delete

කේරල ගංජා හා කල්ලූ මලයාලම් ගුරුකම්

                                                  මේක දවස් කීයපක ඉදලා ලියන්න ඕනා කියලා හිතාගෙන හිටපු දෙයක්. කතාව මෙහෙම පටන් ගන්නම්​කො. කේරලය...