සොඳුරු සඳවතිය, වික්ටර් රත්නායක නම් වූ ඒ ගාන්ධර්වයාගේ තමන් කැමතිම ගීත 10ක් බ්ලොගයේ ලියන්න සොඳුරු ආරාධනාවක් කලහම නොලියා කොහොමද. ඒ නිසාම ඇගේ හෙඩිමම හොරකන් කලේ ඒ ගෞරවයත් ඇයටම දීමටයි. වික්ටර් රත්නායක මහතාගේ ගීත ගොන්නෙන් ගීත 10ක් තේරීම කල නොහැක්කක් මෙනි. ගීත 20ක් වත් දුන්නා නම් මේ වැඩේ තරමක් ලේසි වෙන්න තිබුණා. ඒ තරමට මේ ගීත ජීවිතය හා බැඳිලා.
01. කඳුළු පැන් කෙණ්ඩියක්
අද කාලේ හැම ආදරවන්තයෙක්ම, වන්තියක්ම ඇසිය යුතුම ගීතක් කියලයි මටනම් හිතෙන්නේ. ඒ තරම් මේ ගීතයේ පද හරි රසවත්.
කඳුළු පැන්... කඳුළු පැන් කෙණ්ඩියක්
සිනහා මල් ... සිනහා මල් වට්ටියක්
දෑතට ගෙන යා හැකි දුර ගව් සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තයෙක් උනාට කමක් නෑ මලේ
සුසුම් වැල්... සුසුම් වැල් පොලගුවක්
පැතුම් මල්... පැතුම් මල් පලිගුවක්
දෑතට ගෙන යා හැකි දුර ගව් සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තයෙක් උනාට කමක් නෑ මලේ
උණු කඳුළු... උණු කඳුළු වත් මුලක්
මල් පැදුරු... මල් පැදුරු පන් මිටක්
දෑතට ගෙන යා හැකි දුර ගව් සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තියෙක් උනාට කමක් නෑ නගේ
02. මාලිනියේ
එකම ගීතය ඇතුලේ ආදරයේ හා විවාහයේ සුන්දරත්වය හා එහි මායාව හරි අපුරුවට...
මාලිනියේ... (ඉන්ද්‍රජාලය)
මා මනසේ... (අන්ධකාරය)
මා දෑස සොයනා... (ඔබ දෑස නෙත)
රුව අඳුනා
මාලිනියේ (නොරැවටෙන්)
මංගල පෝරුව මස්තකයේ... (අමන තරුණය)
මම ඇය ඇත ගනිමි
මංගල පෝරුව මස්තකයේ... (අමන තරුණය)
මම ඇය ඇත ගනිමි
(සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද)
පතිවත රකිනා කුල කුමාරි...(අරුම පුදුමය)
මම ඔබ රැක ගනිමි
පතිවත රකිනා කුල කුමාරි...(අරුම පුදුමය)
මම ඔබ රැක ගනිමි
(වරදේ නොබැදෙන ලඳුන් ලොව නැත)
https://www.youtube.com/watch?v=rUrcQ43nu-Y
03. සිහින හතක් දුටුවෙමි
මොනවා කියන්නද මන්දා මේ සින්දුව ගැන නම්. කොච්චර ඇහුවත් නැවත නැවත අහන්න හිතෙන සින්දුවක්
සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්
එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ...
ඔබ මගේ පැල්පතට පැමිණ, ආයාචනයක් කරමින්
ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා...
කිසිවක් දෙන්නට මට නැත, තිබුනේ පිරිසිදු හදවත
සිඟන්නියේ එය ඔබ හට දුන්නා මතකයි...
එදා මගේ හද අරගත් ඔබ, අද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ...
https://www.youtube.com/watch?v=9spSuxAAGio
04. අපේ හැඟුම වලට
හඳ පානේ, මද අඳුරේ ඇත පටලා යන්න කවුද අකමැති. ඒත් මේ ගීතයේ විරහවක් මයි...
අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳ පානේ... මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ...
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ...
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ...
https://www.youtube.com/watch?v=IoJARvwppzs
05. අඹ ගස් යට
අවංක ආදරවන්ත බඹරා බඹරියන් දෙදෙනෙකුට මැදිවුන...
අඹ ගස් යට මල් හැලිලා
සුවඳේ බැරුවා ඉඳින්ට
ඒ අඹ මල් සුවඳ දිගේ
වන බඹරෝ රොනට එන්න
මගෙ බඹරිය කැලේ දමා
එන්නට බෑ අඹ වනයට
මුසා බසින් මා නොතලා
එන්න සුවඳ මල් හෙවනට
බඹරු නැද්ද අඹ වනයේ
ඔබේ හිතට ගතට ඔබින
අන් බඹරුන් ඕනෑ නෑ
ඔබයි මගේ පැතුම් විමන
https://www.youtube.com/watch?v=NwxkwQp4AF8
06. හිත ගාව දඟ කලා
සිනිඳු මල් පෙති පුරා බඹර ගී ලියුමට කල ඒ ආරාධනය...
හිත ගාව දඟ කලා
නෙතු ගාව හිනැහුනා
පැතුමකට ඉඟි කලා
හදක ආරාධනා...
සන්සුන් වු කල්පනා විජිතයේ පාවුනා
ඔබේ සෙනෙහස ගෙනා මිහිරි ආරාධනා
මල් පිපුණු තාරකා විමානේ තනි වුණා
හැඟුම් මන්මත් කලා සුසුම් ආරාධනා...
සිනිඳු මල් පෙති පුරා බඹර ගී ලියැවුනා
සිවු නෙතක් ළං කළා ඔබේ ආරාධනා
කුරුළු ගී පාවුනා නිල් ගුවන් ගැබ පුරා
වසත් කල ළං කළා සෙනෙහෙ ආරාධනා...
https://www.youtube.com/watch?v=ghPvd8gBOFc
07. සඳකැන් වැසිලා
ප්‍රේමයෙන් පැරදුණු ආදරවන්තයෙකුගෙන් හිතවතාට හා ආදරවන්තියට ආශීර්වාදයක්
සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුර, තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී
ජිවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල් වාසියෙකු සොයනු දැනේ
මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන ඉඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා
https://www.youtube.com/watch?v=IjeHupaAmNI
08. ගිගිරි ගීත රාවේ
මම,පද පෙලට වඩා ගීතයේ තනුවට බෙහෙවින්ම ආදරය කල ගීයකි මේ
ගිගිරි ගීත රාවේ
මලවි හී සරේ
සබඳ අද කිමදෝ
බමන ලෝකෙට කෑ ගසා කීවේ
උමතු දෑස රෑ තුන් යාමේ
ලගින මේ නුරා අම්බලමේ
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ
තරිඳු තාම නාඹර වයසේ
රඟනු රංග රන් රඟ මඬලේ
කුමුදු යාය මල්වර මොහොතේ
රොන් ගන්න පෙම් මල් වන පෙතේ
https://www.youtube.com/watch?v=sG19nOffh8w
09. සඟවා ගනු මැන
ඉරිසියාකාර ප්‍රේමවන්තයෙක්...
සඟවා ගනු මැන ඔබේ රුව සොඳුරියේ
අනෙකෙකු නෙත් ඔබේ මුව මත ගැටෙතැයි
මා හද බියවී
සැලී සැලී යයි...
මහා වන පියසක අඳුරු ගුහාවක
යම් දිනයක ඔබ සඟවා තබනෙම්
හිරු රැස් බිඳකුදු ඔබේ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරුවෙයි මා හද...
සොමි සඳවත ලෙස රුසිරු නොවේ නම්
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත...
https://www.youtube.com/watch?v=My6diuzyRug
10. දිනෙක හිරු බැස
සයුර, අහස එකතු වූ ඒ මායාවයි ක්ෂිතිජය...
දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක...
සයුර මා විය අහස ඔබ විය
දෙදෙන ළං වූ ක්ෂිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි...
සයුර මා විය අහස ඔබ විය
දෙනෙත රැවටූ ක්ෂිතිජයක් විය
කී කථාවේ අරුත වැටහිණ
අහස සමුදුර එකතු වී යැයි...
https://www.youtube.com/watch?v=sAhzJ_cg_7Q
ලස්සන ගීත ටිකක්... මේ එක්කම සිංදුවල යූ ටියුබ් ලින්ක් දැම්මනන් වටිනවා කියලා හිතනවා...
ReplyDeleteවාසිතිය කිව්වම තමයි මටත් මතක් උනේ ලින්ක් එකත් එකතු කලා නම් අගේයි කියලා. බොහොම ස්තුතියි...
Deleteහුඟක් හොඳ හිතට වදින සිංදු ටිකක් ... ජය වේවා!
ReplyDeleteස්තුතියි අරු..
Deleteමං ආසම 7 වෙනි එකට..
Deleteම්ම්ම් හරි අපුරු ගීතයක්.
Delete//මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන ඉඳිමි බලා// ද ආසම කොටස?
පිලෝ...
ReplyDeleteතුන්වන ගීතය මටත් එපා නොවෙන එකක්.
ජයවේවා!!!
ඒ ගීතයේ අර මොකක්ද මෙව්වා එකක් තියෙනවා දුමි... බොහොම ස්තුතියි...
Deleteහනෙ අම්මේ මට දැනෙන සතුට ... මේ චැලෙන්ජ් එක කට්ටියට අමතක වෙලා ගිහින් තියෙන වෙලාවක ඔයා මේ කරපු වැඩේනම් ඉස්තරම් පිලෝ.ඒ වගේම මේ ගීතත් හරිම අපූරුයි මේ සමහර එවා මම අවුරුදු ගණනාවකින් අහල නෑ ඔන්න දැන් මම ඒ ගීත අහන්න හදන්නේ.
ReplyDeleteසඳවතීට පොරොන්දු උන විදිහටම මම ඉෂ්ට කලා. මේ වැඩේ හරි ආශාවෙන් කලේ. මමත් මගේ මතකේ අලුත් කරගත්තා මේ ගීත නැවත නැවත අහලා... ස්තුතියි...
DeleteSupirima set ekak ne
ReplyDeleteස්තුතියි සුමුදු මේ පැත්තට ඇවිත් ගියාට...
Deleteපිලෝ ඉතාමත් ලස්සන ගීත ටිකක්. සමහර ඒවා මගේ ලිස්ට් එකෙත් තියෙනවා.
ReplyDeleteබොහොම ස්තුතියි ඉයන්...
Deleteවික්ටර්ගෙ ආස නැති සින්දු දහයක් තෝරන්න කිව්වොත් මොකද? ඒකත් අමාරු වැඩක් වේවි.
ReplyDeleteහම්මේ ඒක නම් කරන්නම බැරි වේවි...
Delete