Saturday 26 November 2016

ආදරයෙ ග්‍රහ මාරුව

        
        


                 අවටින් ඇහිදින්නට තියෙන අද කාලෙ තාරුණ්‍යයේ ජිවිත කතා තුල ආදරයට ප්‍රතිශතාත්මකව ලොකු ඉඩක් තිබුණත් හරි යන්නෙ ඉතා කුඩා ආදර කතා ටිකක් විතරයිනෙ.  ඕක ඉතින් අපි හැමොම දන්න සත්‍යය. ආදරයට භාවිතා කරන ප්‍රධානතම ආම්පන්නය ඉතින් ජංගම දුරකතනයනෙ. තාකෂණයෙ දියුණුව ආදරයට විතරක් අත නොතියා ඉදිවිද මුළු ලොකයම ග්‍රහනය කරගෙන ඉදිද්දි.  එකත් එහෙම නම් ඉතින් ඇයි අපි හැමෝම ළඟ ජංගම දුරකථන තිබිලත් බොහෝ ආදර කතා බිඳවැටෙන්නේ? 
                  එහෙනම් අද තත්වය? කෙටි පනිවුඩයකට පිළිතුරක් යවන්න මොනයම් හරි හේතුවක් නිසා විනාඩි 20-30 ප්‍රමාද උනොත් මිස් කෝල් 20යි බැනලා කෙටි පණිවුඩ 05යි. දුක සැප බෙදාගන්නවා වගේ Facebook Account එකත් දෙකට බෙදාගෙන පාවිච්චි කරන්නේ. ඒ තරමට දෙන්නට දෙන්න ෂුවර්. හදිස්සියේවත් සවස 7න් පස්සේ සමිපතමයෙක්ගේ ප්‍රිය සාදයකට සහභාගී වෙන්න උනා කියමු, ගිහින් පැයෙන් පැයට මිස් කෝල් ගහන්නයි, කෑවද කියල අහන්නයි, දැන් මෙහෙන් පිටත් උනා තව පැය බාගයකින් ගෙදර කියන්නයි අවශමයි. පවුලේ සැම එකට සිට සහභාගී වුවද තත්වය ඒසේමය. අනෙක් වැඩිහිටියන්ට හොරෙන් කරන්නත් එපැයි නැතිනම් ඉතින් වසලා හමාරයිනේ.ආදරයේ මානසික සිරකරුවන් වෙලා. මොන ආදරද බං මෙව්වා? බොහෝ දෙනා කොන්දේසි විරහිතව ආදරය කරන්නේ නැ. එකයි සම්බන්දතා මෙහෙයවන්න මෙවලම් තිබ්බත් සම්බන්දතා ශක්තිමත් නැත්තේ. තමන්ගේම ආදරය ගැන විශ්වාසයක් නැති මිනිස්සු තව කෙනෙක් ගැන විශ්වාස කරයිද?  
                    බොහෝ දෙමව්පියන් තම දරුවන්ගේ අනාගතය පලතුරු වට්ටියේ තියලා, රතු මල් මාලාව දාලා, හඳුන්කූරු පත්තු කරලා, රුපියල් 500 කොලේ කපු මහත්තයට පෙන්න තියලා, රාශි දොලහටයි, සෞරග්‍රහ මණ්ඩලයේ දැනට ඇතුලත් හා අනාගතයේ සොයා ගැනීමටද නියමිත ග්‍රහ වස්තූන්ට හා තිස් තුන් කෝටියක් දෙවිවරු අතට පත් කොට අවසානයි. මේ බුද්ධ වචනයට සාදු කියන හේතු ඵල දහම දහම් පාසලෙන් උගත් බෞද්ධයන් වීමයි උහාසයට කරුණ. පෙර පිනකට මංගල දැන්වීම් තීරුවක් තියෙන්නේ. අම්මා කැමති උනොත් තාත්තා කැමති නැ. දෙන්නම කැමති වීම ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන පවුලේ නම්බුවට හොඳ නෑනේ. එහෙමත් නැතිනම් තම දරුවාගේ අනාගත සහකරුවා හෝ සහකාරිය නිශ්චිත රාමුවකට කොටු කරලා එහි ඇතුලත් වගන්ති සමඟ සසඳා බලා 75% සමාන්‍යයකට හා ඉතා ඉහල Z-Score අගයකට කැමැත්ත ලබා දෙයි. ෴ 
කොන්දේසි විරහිතව ආදරය කරන චරිත පරිකල්පනීය අදහසක් විතරක්ම වෙලා. සබඳතා පවත්වා ගන්නවාට වඩා බිඳවැටෙනවා වැඩියි. විරහා ගිත මිනිස්සුන්ට දැනෙනෙව වැඩි වෙන්නටත් ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. සම්බන්දතා අතිවීම, පවතීම, නැතිවීම අතීශය සාමාන්‍ය දේවල්නේ. ලොව බුද්ධිමත්ම ජීවියා හැටියට මීට වඩා මද්‍යස්ථව හිතන්න වෙයි. නැතිනම් තමන් විසින්ම තමන් ආදරය කරන කෙනාගේ නැතිනම් තමන්ගේම දරුවාගේ ආදරයට තිතක් කොමාවක් තියාවී.  


             කෙලිලොල් තරුණ ජිවිතයට සමුදිය යුතුව කසාදයක් බැඳගන්න ඕනා වයසෙ ඉන්න යහළු යෙහෙලියන් කීදෙනෙක් තාම තනිකඩව අවට ඉන්නවද. බොහොමයක් දෙනා ඉතා හොඳ ආර්ථික ශක්තියක් තියෙන, කැත නැති, ඔය කියන ජංගම දුරකතනයද අතේ ඇති whatsapp, viber, instagram, facebook, messenger මෙකී නොකී මානයන් අතපත ගාන එ මානයන්හී පුර්ණකාලීන සාමාජිකත්වය  දරන්නොද වෙති. තවද ඔවුහු වරක් හො කිහිප වරක් පෙමින් බැඳි ඇති ආදරයට ආදරය කරන්න දන්නා අතිශය සාමාන්‍ය චරිතයන්ය෴

                      අතීතයට පොඩ්ඩ්ක් හැරමුකො. ජංගම දුරකතනයක් තියා ස්ථාවර දුරකතනයක් වත් නැති, ලියුම් මගින් ගනුදෙනු කරන කාලේ අදට වඩා ඉතා සාර්ථක මෙන්ම සුන්දර ආදර කතා තිබුණා කියන එක මාගෙ විශ්වාසයයි. ඇයි මම එහෙම කියන්නෙ... ඔයාගේ වපසරියෙ කසාද නොබැඳපු තරුණ චරිත වලට වඩා වැඩිමහළු චරිත අඩුද, වැඩිද කියලා පොඩ්ඩ්ක් හිතලා බලන්න. එමෙන්ම සතුටින් සාමුහිකව ජීවත් වන තරුණ චරිත වලට වඩා වැඩිමහළු චරිත අඩුද වැඩිද? එහෙනම් අපිට කොහෙ හරි තැනක වැරදිලා෴

                    තදාසන්න ප්‍රදේශයක මම රැකියා කල ස්ථානයක සහෘදයෙක් කෙටි කෑම විකුණන ලොරි රියක් අසල ප්ලේන්ටියක් තොල ගාන අවස්ථාවක ඔහුගේ ආදර කතාව බෙදාගත්තේ මෙහෙමයි. "මල්ලී, අපි දෙන්නා බැලත් දැන් අවුරුදු 10ට කිට්ටුයිනේ. අපිට ඒ කාලේ හෑන්ඩ් ෆෝන් තිබ්බේ නැ බං ලෑන්ඩ් ලයින් එකක් ගෙදර තිබ්බා. ඒ කාලේ අක්කාටයි මටයි හම්බවෙන්න පුළුවන් උනේ සෙනසුරාදාට විතරයි. අක්කා ඉතින් ගෙදරට කතා කරනවා හොස්ටල් එකේ ඉඳලා. ගෙදර කවුරුවත් දැනන් හිටියේ නැ ඔය සමබන්දය ගැන. ගෙදරට කෙල්ලෙක් කතා කලාම ඉතින් දන්නවනේ මල්ලි... දොර මුල්ලට වෙලා දොර රෙද්දට මුවා වෙලා ගෙදර ඇති කරන පුසගේ ඉඳලා ජන්ද කොලේ ගෘහ මුලිකයාගේ නමට ඉදිරියෙන් නම ලියන කෙනාට වෙනකන් කන් දීගෙන ඉන්නවා කියලා. ඉතින් අපිට උබලට වගේ මල් කඩන්න චාන්ස් නැ. හැබැයි අපි ගේම ඇත හැරියේ නැ. සැපට දුක් විඳලා පතාගෙන ආපු විදිහට ඔතාගෙන ගියා" 



10 comments:

  1. කාලෙන් කාලෙට ආදරය සාපේක්ෂව බෙදන්න බෑ මන් හිතන්නේ. දවටනේ වෙනස් වුණාට ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉදන් අද වෙනකම් ආදරයේ තිබූණා. ඒ කාලේ එවුන් ඒ කාලේ විදියට උපරිම වින්දා..අද කාලේ එවුන් අද කාලේ විදියට උපරිම විදිනවා...කොයි කාලේත් ආදරය සාපේක්ෂව එහි රසය බෙදන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. එකඟයි සහෝදරයා. අද කාලේ ආදරේ සාපේක්ෂව විඳින මිනිසුන් අඩුයි...

      Delete
  2. //විඳලා පතාගෙන ආපු විදිහට ඔතාගෙන ගියා//

    කරුමෙ බොල කරුමෙ

    ReplyDelete
  3. පාටියෙ ඉඳන් ම skype කෝල් කරන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑ රසිකොලොජිස්ට්... නෑදෑයන්ට අහුවුනොත් වාසලා හැමරයිනේ :-)

      Delete
  4. කොන්දේසි විරහිතව ආදරය කරනවා කියන්නෙ නිර්වාණය වගේ දෙයක්. දුක පවතින්නේ නැහැ ...ඒක මාර වගකීමෙන් කියන්න ඕන වචනයක්

    ReplyDelete
    Replies
    1. සම්පුර්නයෙන්ම එකඟයි කොච්චි මිරිස්..

      Delete
  5. මොකක්ද බං මේ දාල කිනෙ පාට මෙලෝ දෙයක් පේන්නෙ නෑ.

    ReplyDelete

කේරල ගංජා හා කල්ලූ මලයාලම් ගුරුකම්

                                                  මේක දවස් කීයපක ඉදලා ලියන්න ඕනා කියලා හිතාගෙන හිටපු දෙයක්. කතාව මෙහෙම පටන් ගන්නම්​කො. කේරලය...