Wednesday, 1 February 2017

අමතක වී ගිය ඈ ගැන


රුව වැහැරිලා ගිහින් ඇතුවත්
ඇයි ද නොම විමසුවේ මෙතුවක්
දෙතන එල්ලා වැටෙනු දුටුවත් 
ඇයි ද නොම විමසුවේ මෙතුවක්

සඳ අවරට ගියා සේ
පැන්නා කඩයිම් වයස ඈගේ
ආදරේ සුව සොයපු යහනේ
දඟම මල්ලක් නිදයි ඒ පපුතුරේ

පිය කිරුළ මගේ හිස පළන්දා
ඇගේ දරුවෙකු සේ මා රැක්කා
මගෙන් උන ඒ අඩුව දැනිලා
මොනවා කෙරුවත් මදියි සිතුනා

වැරදි හැඟුමක් හිත පෙළයි අද
අකුරු ගැලපිය නොහි ඈ ගැන
හිතට ආ ඒ වදන් එලෙසම
අපිලිවෙළකට අමුනමි මම

14 comments:

  1. අකුරු අමුණා ලියන්නට නොහෙනා
    ලියා නිමවෙන තැනදී මඟ හැරුනා ද සිතෙනා
    හඟින්නට බැරි මනින්නට බැරි උපමාද හමුනොවෙනා
    බැදීමක් වේද ඒ තැන නන්නාඳුනන දෙහදවත් බැදෙනා...

    කොතෙක් කිව ද පලක් නොවෙනා
    ඇගේ හදවත දුකින් පෙළෙනා
    එබදු හැඟුම ම සිතින් දරණා
    නමක් වේ නම් බැතින් කියනා...

    ප්‍රේමයයි ඒ සසරේ සරණා....


    ඔබේ සිතුවිල්ලම ඇය ත් එලෙසින්ම දරනවාට සැක නැ පිලසොෆි. හරිම අව්‍යාජ භාව ප්‍රකාශනයක්...

    ReplyDelete
    Replies
    1. හරි අපුරුයි එරන්දි. මට වඩා හොඳින් ඒ හැගීම ඔයා තේරුම් අරන් තියෙනවා. ඇත්තටම මේ මගේ අත්දැකීමක් නෙමෙයි. මගේ අත්දැකීමුත් නැතුවාම නෙමෙයි... හික්... බොහොම ස්තූතියි...

      Delete
  2. ම්ම්...
    දැනෙන කවි ටිකක් පිලෝ.... වටිනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමි..

      Delete
  3. හ්ම්ම්ම් ... අපූරුයි....

    ReplyDelete
  4. පස්සෙ හරි ඕවා තේරුණ ඒක ලොකු දෙයක් බන්

    ReplyDelete
    Replies
    1. මන් ගැන ලිව්ව දෙයක් නෙමෙයි බං. පොදුවේ හිතලා ලිව්වේ.

      Delete
  5. මේවා කියවනකොට නෝනව මතක් වෙනවා බං. කෝල් එකක් දෙන්න ඕන දැන්

    ReplyDelete
    Replies
    1. ඒවා අමතක වෙන්න අරින්න එපා කුරහන්...

      Delete
  6. මෙහෙම වෙනවා බං. බොරු කියලා සුචරිතයෙක් වෙන්න පුලුවන්. ඒත් ඒක හිතට හරි මදි.

    ReplyDelete
    Replies
    1. බොහොම හරි අරුණ. බොහෝ පිරිමි නොකරන්නේ පිරිමි කමට මදි කමක් වෙයි කියලා.

      Delete
  7. අව්‍යාජව හිතක මතුවන අදහස් මිනිසුන් අතර සාමකාමීව කියවෙනවා නම් (ලියැවෙනවා වගේම) ....

    ReplyDelete
    Replies
    1. බොහොම හරි. මීට වඩා ලස්සන තැනක් වේවි...

      Delete