Friday 17 February 2017

අවසන් සිතුවිලි පොදිය...



අයියා මිරිකගෙන අල්ලාගෙන එන අත සුමුදුව රහල් බාර ගන්නේ පන්තියේ දොරකොඩ ගාවදිමයි. හරියට මන් පැනලා දුවයි වගේ. කවුපි කඩල කන්න හරිම පෙරේතයෙක්. මගේ කෑම එක දිහාට එදාට බලන්නේ කෙල ගිල ගිල. සිනි බනිස් ගෙඩිය මට දීලා මගේ කෑම එක උදුරා ගන්නවා කොහොම හරි. ඉතිං මම ටිචර්ගෙන් බැනුම් අහන්න ඕනා පෝෂ්‍යදායී ආහාර ගේන්නේ නෑ කියලා. කොයි වෙලේ බැලුවත් සාක්කුවේ 50ක්  100ක් වරදින්නේ නැ. ඉතින් මටත් ඉන්ටවල් එකට අයිස් පලමක් වරදින්නේ නෑ. නැති උනොත් වෙරළු අච්චාරුවක් නැතිනම් දිඹුල් අච්චාරුවක්. නැන්දා හැමදාම රහල්ව ගන්න එන්නේ පරක්කු වෙලා. ඉතිං මමයි, අම්මයි, රහලුයි ගේට්ටුව ගාව තියන ලොකු කොට්ටම්බා ගහේ හෙවනට වෙලා බලන් ඉන්නවා නැන්දා එනකන්. මගේ අම්මට එයත් අම්මා කියනවා. අම්මා ඇස් දෙකේ කඳුළු පුරවා ගන්නවා ඔය වෙලාවට. ඉතිං මටත් ඉරිසියයි. පහේ පන්තියෙන් හැංගුන මේ කොල්ලා ආයේ ඉස්කෝලෙන් අවුට් වෙනකන් දැක්කේ නෑ. අවුරුදු 12 ට පස්සේ ඇස් දෙක ඉස්සරහට ආවම මට ඉහුලුම් නැති උනා. ඒ ඇස් දෙක විතරක් වෙනස් වෙලා නෑ. නැතිනම් මම අඳුර ගන්නෙත් නෑ.

තවමත් එදා වගේමයි. හරියට වචන පහ හයක් වත් කතා නොකරන හැටි. වචනයක් ගන්න සියයක් දෙවල් අහන්න ඕනා. පුදුමයි මට ආදරෙයි කිව්වා. මටම එකත් කරන්න වෙයි කියලායි බයෙන් උන්නේ. එයාට මගේ මුළු නමම මතකයි... වාසගමත් හරියටම කිව්වා. ඉතිං මටත් එහෙමනේ... එකේ මොකක්ද පුදුමේ. පහේ පන්තියේදී අල්ලපු විදිහටම මගේ අතින් ඇල්ලුවේ හරියට පුරුද්දට වගේ. ඒ කරලත් යන්තන් කට කොනින් හිනා උනා. එකත් අහක බලාගෙන. මගේ මුහුණ දිහා බලලා හිනා උනාම ඔයාගේ එකවුන්ට් එකෙන් කුවේට් ඩිනාර් එකක් වත් අඩු වෙනවද රහල්. ඔය ඔක්කොම සුන්දර මතක හිතේ කොනක ඔයාම හංගලා දැම්මා. මටත් අමතක වෙලා තිබ්බ තැන් ඔයාම හාර අවුස්සලා ඔයාම වල දැම්මා. එකත් අහක බලාගෙන. ඇස් හංගන්නේ වැරදි කාරයොයි. මට නම් ඔයා ගැන එහෙම හිතෙන්නේ නෑ. ඔයා මගේ සතුට වෙනුවෙන් ඔයාගේ සතුට කැප කලා. එක එහෙමම තමයි. ඔයාට නෑ කියන්න බෑ.

මම මේ වචන කවදාවත් ඔයාගේන් බලාපොරොත්තු උනේ නෑ. "මම ඩරග් ඇඩික්ටඩ්..." ඔයා එක හරි ලේසියෙන් කියලා දැම්මා. ඔයා එදා හරියට බය උනා මාව නැති වෙයි කියලා. මම කොහොමද මගේ පුංචි කාලේ යහළුවාව එහෙම කරදරයකදී අතහරින්නේ. හාස්කමකින් වගේ ඔයා ඒ හැම දෙයකින්ම ගොඩ ආවා. ගාල්ලේ පුනුරුත්තාපන කඳවුරේ ඉඳිද්දී මම බලන්න අවේ නෑ තමයි එත් මේ නරක වැඩෙන් ඈත් වෙන්න ඔයාට ඕනා උනා. ඔයාගේ මමාට ‍ඩැඩාට මට තරම් වත් උවමනාවක් තිබුනේ නෑ ඔයා ගැන. මමාට කුවේට් වල සල්ලි හොයන එක ලොකුයිඩැඩාට ඉතින් වෙනම පවුලක් තියෙනවානේ. ඔයා රහල් නෑදෑ ගෙයක් ගෙයක් ගානේ ගිහින් ඒ ගෙදරින් බඩ පුරවාගෙන රැයවල්ගෙවලා දානවා. හරියට ඉන්නවත් තැනක් තියෙනවදඔයාම ඒ දුක මටම ඉවසන්න කියනවා. ඔය කටින්ම කියනවා ලොකු නැන්දා ඔයාව ඉපදුනේ වෙලේ ජා-ඇල ඇලට දාන්න කිව්වලු, පොඩි නැන්දා අදටත් කියලා හුල්ලනවාලු ඔයාව ඔයාගේ අම්මගෙන් ඉල්ලලත් දුන්නේ නෑ කියලා. එත් ඔයා අදටත් ඒ ගෙයක් ගානේ ගිහින් දවස ගෙවා දානවා. දෙමව්පියන්ගේ වැරදි මේ. එක බඩවැල කඩාගෙන ආපු අක්කාටත් ඔයා ගැන ගානක් නෑ. එයත් ඔයාගේ බඩට මොනවා හරි පුරවලා පලයන් කියලා එලවනවා.

රහල් ඔයා අදටත් කියන්නේ නැහැනේ ඔය කියන ගෑනිත් එක්ක මොකක්ද ඔයාගේ පවුලට තියෙන සම්බන්දෙ කියලා. මේ නයිට් කලබ් එකක වැඩ කරන ගෑනියෙක්ට මොකක්ද තියෙන සම්බන්දෙ පාතලෙත් එක්ක. ඔයයි අම්මයි ඒ ගෑනිව කුවේට් වලදී අඳුන ගත්තා කියලානේ ඔයා කියන්නේ.  ඔයා මට කරදරයක් වෙයි කියලා බයටද කියන්නේ නැත්තේ නැත්නම් මම මේ දේවල් දැන ගන්නවට ඔයා කැමති නැද්ද. ඉල්ලන ඉල්ලන හැම වෙලාවකම ඒ ගෑනිට ඔයාලා සල්ලි දෙනවා. ඔයා ආසාවෙන් හදාගෙන පැද්ද ත්‍රිවිල් එකත් ඒ ගෑනිට දීල දැම්මා. එත්... එත්... කොහොමද මම විශ්වාස කරන්නේ බ්ලවුස් එක පිටින් වත් අත නොගා දෙතොල විතරක් ඉඹලා මාව රැක්ක ඔයා වෙන ගෑනියෙක් ගාවට යයි කියලා.  මම දන්නවා මමා, ඩැඩා ඔයාව ඒ ගෑනිට සින්නකරෙටම දීලා දැම්ම. එකත් මේ අවුරුදු 38ක ගෑනියෙක්ට. කෙල්ලෙක්ට දුන්නා නම් මන් හිත හදාගන්නවා. එයාලා එහෙම කලේ ඒකම එක හේතුවක් හින්දා... ඒ ඔය ගෑනි ඔයාගේ පවුල ගැන ලොකු රහසක් දන්නවා. ඒ ඔයා මට අදටත් නොකියපු. 

(ඇගේම කතාව ඇගේම වචනයෙන්)

Tuesday 7 February 2017

සති අන්තයේ Famous Grouse එක්ක හින්දි කෙල්ලන්ගේ බුරියට ඩිරාම් කුට්ටි විසිවෙනවා බැලීම


ජනවාරියේ මැද දවසක රෝමාන්තික රස්තියාදුකාරයාගේ පොස්ට් එක දැක්මෙන් හිත හිරි වට්ටපු නිසාත්, කාලෙකින් මොනවත් වෙන්න බැරි උන නිසාත්, රෝමාට පුංචි කොමෙන්ටුවකින් සංග්රනහ කර දැන්නුවේ අමතක නොවන හැන්දෑවන් කිහිපයක්ම රෝමායි මමයි මුහුදු වෙරළක් අයිනේ මද පමණින් ගෙවා දමා ඇති නිසාය. අදට අතේ දුරින් ඉන්න එකම යහළුවාට දැන්වුවත් නොවැලැක්විය හෙතුවක් නිසා එන්න නොහැකි වීම ගැන ඌ ශෝකය ප්රැකාශ කලා. බැලින්නම් ඌට ඇනුවල් ඩාන්ස් එකලු. මගේ ඔෆිස් එකෙත් ඉන්න උන් සියලු ආගමික චාරිත්ර් ඉටු කරන රහසින් වත් පව් නොකරන උන් ටිකක් නිසා දැනුවත් කිරීමෙනුත් උන්ට පව් සිදු සිදුවිය හැකි නිසා නොදන්වාම 6 ටම ඔෆිසියෙන් පැන්නා. මග දිගට කුමන වෙළඳ සන්නාමයක් යටතේ ඇති බෝතලයකින් වීදුරුවට වක් කරගන්නවාද සිතමින් පැයක්ම නාස්ති කර අදාළ තැනට පැමිණියා. සති අන්තයේ දිනයක් නිසා දකුණු ආසියාතික රටවල මිනිස්සුන්ගේ මේ අවන්හල යම් තාක් දුරකට කල් වේලා ඇතුවම පුරවා තිබුණා.

හරියට පුටුවේ පස්ස තියා ගන්න හැමබවුනෙත් නෑ, ෆිලිපින් ජාතික කාන්තාව ඕඩරය බාර ගන්නට මගේ ඉස්සරහින් ඇවිත් හිටගත්තා. පැයක් කල්පනා කාලේ අපරාදේ කියා සිතුනේ තාමත් බ්රෑතන්ඩ් එක ගැන අවසන් තීන්දුවකට ඇවිත් හිටියේ නැති නිසා. කාලෙකින් රස බලන්නට නොලැබුණු Famous Grouse ලෙසට තීන්දු කර ඒ බව ඇයට දන්වා වට පිට ඇහැ යැවුවා. ඉන්දියානුවන්ගේ ජාතික පානය බඳු වූ Kingfisher බීර බෝතලයක් සෑම ඉන්දියනුවෙක්ගේම ඉදිරිපිට තිබුණා. ටෙලිවිශෝන් 06 න් 03 කම වීරත් කෝලි එංගලන්තෙට එරෙහිව සටන් වදිමින් හිටියා. ඉතිරි ඒවායේ පැරණි හින්දි සින්දු, ඉංග්රී සි චිත්රෝපටයක්, පා පන්දු තරගයක් විකාශය වෙමින් තිබුණා. කල් වෙලා ඇතිව ආපු නිසා නිදහසේ කරගෙන යන ආකාරය ගැන කල්පනා කරමින් ඉන්නකොට තමයි මේසය අඩුම කුඩුම වලින් පුරවා අවසන් උනේ.තනියම ආපු එකේ විපාක වඩි දෙකක් පමණ හිස් වෙද්දීම හොඳටම දැනෙන්න පටන් ගත්තා. සෑමදෙනාම තම තමන්ගේ හිතවතුන් එක්ක තමන්ගේම ලෝක වල තමන්ගේම සතුට සොයමින් හිටියා. තවමත් වීරත් කෝලි එංගලන්තටට එරෙහිව සටනක, පැරණි හින්දි සින්දු, වෙනත් ඉංග්රීවසි චිත්ර පටියක්, පා පන්දු තරඟයක් විකාශය වෙමින් තිබුණා. බුකියේ පස් හය පාරකට වඩා උඩට පල්ලේහාට ගියා. ම්හ්හු එකෙක් ආසාවට ඔන්ලයින් නෑ චැටක් දාන්න. පරණ පොටෝස් ටික බැලුවා... බ්ලොග් දෙක තුනක් කියෙව්වා... යාන්තමින් 9.30 වෙලා. වීරත් කොලි සටන ජය ගෙන තිබුණා. කළු සුදු හින්දි සින්දු පෙළ පරණ වර්ණ සින්දු පෙළක් දක්වා මාරු වෙල තිබුණා. ඉංග්රීිසි චිත්ර පටියක් හා වෙනත් පා පන්දු තරගයක් විකාශය වෙමින් තිබුණා. තැනින් තැන ඇහෙන පුංචි පුංචි කතා ගොඩක් මහා කාලගෝට්ටියක් දක්වා උඩු දුහා තිබුණා. මම මාත් එක්ක තනිවෙන්නට හිතාගෙන ආවත් වැඩක් උනේ නෑ. හිටියා ඇති. බැස්සා එලියට. අඩි කිහිපයක් යන්න හම්බවුනේ නැ පිටි කොටනවා වැනි සංගීතක් යන්තමින් කනේ ගෑවුනා. අසලින් ගැවසුනු මහා දේහධාරී අප්රියකානු ජාතික ආරක්ෂකයා මම බලාපොරෝත්තු වුනාටත් වඩා මට ඒ සංගීතය ආපු ඉස්සව්ව ගැන දීර්ග විස්තරයක් කලා. ඉන්දියානුවන්ගේ සමාජ ශාලාවක්ලු. ඉන්දියානුවන්ගේ ආතල් අපිට දිරවන්නේ නැති නිසාම යන්නට හැරුණත් අන්තිමටම ඇහුන වචනේ නිසා ඉස්සරහාට තිබ්බ අඩිය පස්සට ගන්න උනා. House සංගීතයට නටන්නට කවුද අකමැති.   

පඩි පෙළ නැග දොර අරගෙන ඇතුල් වූ විගසම දැනුනේ පෙර කී සංගීතය වෙනුවට දැන් ඇහෙන්නේ හින්දි චිත්රනපටි වල මංගල උත්සවයකදී ඇහෙන සින්දුවකි. දෙවනුවට දැක්ක දෙයින් පොඩි කුකුසක් දැනුන නිසා කොනේම තිබ්බ මෙසේ පුටුවට බර උනා. ශාලාවේ මැද තනා තිබුණු අඩියක් විතර උස වේදිකාවක ඉන්දියානු හා පකිස්තානු සම්භවය ඇති සුන්දර කිරි කිරිස් යුවතියන් තුන් දෙනෙක් බඹයක් විතර ගැඹුරැති බුරියත් අර 'flawless legs' ද මොනාද කියන එව්වත් විදහා දක්වමින් සරාගී නැටුමක් රඟ දක්වමින් උන්නා. එවැනිම තවත් සුන්දර ලඳුන් දහයක් විතර පසුපසින් තිබු බැංකුවේ තම වාරය එනකන් කල් මරමින් හිටියා. වැරදි තැනක ඉන්නේ කියලා දැනුනත් මොකද්ද මෙතන වෙන්නේ කියලා දැන ගන්න තිබුණ ආශාව ඉහ වහා ගත්තා. සුපුරුදු සන්නාමයෙන්ම ඇනවුමක් බාර දී දුම් වැටියක් දල්වාගෙන සුන්දර හින්දි සන්ගීතයට දෙසවන් යොමු කරමින් නොගැලපෙන නැටුමෙහි දෑස් රැදෙව්වා. ඔය අතරදී තමයි පස් දෙනෙකුගෙන් සැදුම් ලත් කණ්ඩායම් දෙකක් දෙකොන ඇති ඔවුනටම කල් ඇතිව වෙන්කර තිබුණු මේසයන් වටා අසුන් ගත්තේ. ගෙදරට වඩා මෙහි හුරුපුරුදු බවක් ඔවුන්ගේ හැසිරීමෙන් දැනුනා. කොහේදෝ මුල්ලක සිටි මැනේජර් සහබ් දුවගෙන ඇවිත් වැන්දේ නැති ටික විතරයි. රඟ දක්වමින් සිටි ලඳුන් නැටුම නැවැත්තුවා. වාඩි වී හිටි ලඳුන් හුන් අසුනෙන් නැගිට්ටා. ලඳුන් සියල්ලෝම පෝලිමට සිට ගෙන අල්ල මුහුණට පෙන්වන ඉන්දියානුවන්ගේ ආචාරයකින් සංග්රුහා කලා. ඇනවුමකුත් නැතුවම වැඩට හිටි කොල්ලන් කඩිමුඩියේ මේසය අඩුම කුඩුම වලින් පිරෙව්වා. මයික්රේෆෝනයක් අතැතිව ඉදිරියට ආපු මැනේජර් මහත්තයා හින්දියෙන් දීර්ඝ විස්තරයක් කලා. ක්ෂණයකින් මුළු ශාලාවම නිෂ්ශබ්ද උනා, අඳුරු උනා.  

මොහොතකින් විදුලි පහන් දැල්වෙද්දී කළු පාට සාරියකින් සැරසුනු සුන්දර ඉන්දියානු යුවතියක් ඇගේ දිගු කෙස් වැටිය විහිදා, නළලට පොට්ටුවක් තබා, පා වැසුමක්ද නොමැතිව, කිසිදු අභාරණයකින් තොරව, සිනහවකුදු නැතුව, වේදිකාව උඩ විලියෙන් තොරව සිටගෙන සිටියා. මට ක්ෂණයකින් මතක් උනේ ශිවන්යාඩව. අර්ජිත් සිංග් ගේ මධුර ස්වරය වැයෙද්දී ඇගේ නැටුම කමක්ක්රශරමයෙන් තීව්ර උනා. ඇයගේ නැටුම අතීශය සරාගී නැටුමක්ම උනා. පෙර කී එක් කණ්ඩායමක් ඉදිරියේ ඈ බිම පෙරළෙමින් හා ඇදෙමින් මම කවදාවත්ම දැක නැති තරම් සාරාගී මෙන්ම සුන්දර නැටුමකට වඩා රැඟුමක් පෑවා. කණ්ඩායමේ නායකයා යැයි හඳුනා ගත හැකි ඉන්දියානුවෙක් සිෂා දුම් රැලි යවමින් ඔහුගේ නමටම වෙන් වූ මේ රැඟුම නිකටේ අත හොවා හිස දෙපසට නලවමින් සිහින ලොවක මෙන් රස විඳිමින් උන්නා. නැටුම අහවර වෙද්දී නායකයාගේ අණින් ගෝලයෙක් සල්ලි මිටියක් ඔහු අත තැබුවා. ඒ සල්ලි මිටිය ඇ දෙසට විසිකර ඔහුගේ වතකම කියා පාමින් ඇගේ නැටුමේ වටිනාකම සතෙටම ගෙවලා දැම්මා. එයිනුත් නැවතුනේ නෑ. දෙවැනි අණින් රූප සුන්දරියන්ට පළඳවන ඔටුන්නක් ඔහුගේ අතට වැඩියා. එය ඇගේ හිසේ පලන් ඔහු ඇගේ කොපුල් සිඹ ආචාර කලා. ඇය ඇගේ අල්ල මුහුණට පෙන්වා ආචාර දක්වමින් අන් ලඳුන් හා එක්වුණා. මම බිල ගෙවා දමා house සංගීතය සොයා ගියා.

Wednesday 1 February 2017

අමතක වී ගිය ඈ ගැන


රුව වැහැරිලා ගිහින් ඇතුවත්
ඇයි ද නොම විමසුවේ මෙතුවක්
දෙතන එල්ලා වැටෙනු දුටුවත් 
ඇයි ද නොම විමසුවේ මෙතුවක්

සඳ අවරට ගියා සේ
පැන්නා කඩයිම් වයස ඈගේ
ආදරේ සුව සොයපු යහනේ
දඟම මල්ලක් නිදයි ඒ පපුතුරේ

පිය කිරුළ මගේ හිස පළන්දා
ඇගේ දරුවෙකු සේ මා රැක්කා
මගෙන් උන ඒ අඩුව දැනිලා
මොනවා කෙරුවත් මදියි සිතුනා

වැරදි හැඟුමක් හිත පෙළයි අද
අකුරු ගැලපිය නොහි ඈ ගැන
හිතට ආ ඒ වදන් එලෙසම
අපිලිවෙළකට අමුනමි මම

කේරල ගංජා හා කල්ලූ මලයාලම් ගුරුකම්

                                                  මේක දවස් කීයපක ඉදලා ලියන්න ඕනා කියලා හිතාගෙන හිටපු දෙයක්. කතාව මෙහෙම පටන් ගන්නම්​කො. කේරලය...