Wednesday, 22 March 2017

වෙද මහත්තයාගේ තාත්තා සමග ගැට අන්නාසි හා වක් පිහිය



මගේ නැන්දම්මටත් ඉතින් එලියට බහිනවානම් මාවම ඕනා. "පුතා ඉස්සරහින් නවත්තලා කොළ මිටියක් ගන්න", "හන්දියේ කඩෙන් චොකලට් ක්‍රීම් බනිස් ගමු, දුව ආසයිනේ කන්න" වගේ නානාවිද තැන්වල නවත්වලා බඩු ගන්න පුළුවන් ඉතින් ඒකම බෑණත් එක්ක ගියොත් තමයි.  ඒකම දෝණිඇන්දා එක්ක වත් ප්‍රිය ස්වාමිපුරුෂයා එක්ක ගිහින් වත් කුණු කුනුවක් නැතුව ඕනා කරන ගෙදර දොරේ දෙයක් ගන්න ඉඩක් නෑ කියන එක ඇය ඉඳුරාම දන්නවා. පුතාලා නැති නිසාද මන්දා මටත් ඉතින් හරි ආදරෙයි. මටත් ඉතින් 'යන්' කියන පරක්කුවට හෙල්මට් එක අරන් එලියට බහින නිසා මට ඇරෙන්න වෙන කාටවත් කතා කරන්නෙත් නෑ.
නැන්දම්මටත් උපන්ගෙයි සිටම පැවතුන 'මෝටර් සයිකල් ෆෝබියාව' අරුනෙත් මත් එක්කම ගිහින් තමයි. එකට ප්‍රති උපකාරයක් විදිහට මගේ 'ක්ලච් බැලන්ස්' එක හැදුනා වලවල් ටික බේරලායි, හෙමින්  ගිහිනුයි. කොහෙද 'ජියර්' හතර මාරු කරලා පදින්න දෙන්නේ නැහැනේ පිටිපස්සෙන් 'සයිරන්' එක ස්වයංක්‍රියව නාද වෙනවා තිහ පන්න ගමන්. මේකත් නැන්දම්මා එකක ගිය ගමනක උන පුංචි කතා බහක්.

නැන්දම්මාගේ මැණික් කටුවේ වේදනාවකට බෙහෙත් ගන්න සතියකට දෙපාරක් හවසට ඇලපිටිවෙල වෙදමහත්තයා එක්කරගෙන යන්න මන් පුරුදු වෙලයි හිටියේ. එවෙලේ බෙහෙත් අඹරලා බඳින නිසාත්, වේදමහත්තයාට සෙනග වැඩි නිසාත් කොහොමටත් පැය දෙකක වත් ගමනක් ඕක. සේපාලිකා ගහ යට තියෙන සිමෙන්ති බැංකුවට වෙලා මදුරුවෝ තලන එක ඉතින් මම ඇතුළු තනියට ආපු අයට උරුමයි. ඒකම මදිද නැන්දම්මට බෑනාට ආදරය වෙන්න.

පුතා මන් දවස් කීපයක්ම දැක්කා ඇවිත් ඉන්නවා

ආ... මේ ඔව් අංකල්. මේ අම්මගේ අතේ අමාරුවට බෙහෙත් ගන්න අවේ. අංකල් මේ...

මේ වෙදමහත්තයා මගේ දෙවැනි පුතා. ඔය ඉස්සරහ පොඩි නග්මේ ඇවිත් පුතා බයිසිකලේ වත්තට දැම්මේ... ඒක තමයි මහ ගේ. මේ ගේ තමයි පුතයි, නෝනලා ළමයි සේරම ඉන්නේ.

කියගෙන අංකල් ඇවිත් බැංකුවේ වැඩි උනා, හම්මේ කුසුඔ... ඇන්නෑවේ කිව්වලු. පාළුව යන්නත් එක්කලා කයියක් දාගෙන ඉන්න හැකි. කොහොමත් පැරණ මිනිස්සුත් එක්ක පොඩි චැටක් දැම්මත් ඇහිඳ ගන්න දේවල් බොහොමයි. 

දැන් ඔය පුතා ලඟ පාතකද ඉන්නේ

මම අංකල් නුගගහවත්තේ

නුගගහවත්තේ කිව්වේ කොහෙට වෙන්නද?

ඔය පන්සල ගාවින් වම් පැත්තට කන්ද නැගගෙන එන පාර තියෙන්නේ, කෙළවරටම ගිහින් අනෙක් පැත්තෙන් එන පාරට වැටෙන්නේ, එතන දකුණු පැත්තේ තියෙන කළු පාට ගේට්ටුව

පුතා ඔය කියන්නේ සුරුවම හරියේද?

අපෝ සුරුවම පාස් කරගෙන යන්න ඕනා. පල්ලෙහා පැත්තෙන් එන පාරත් එක්ක එකට සම්බන්ධ වෙන්නේ. අන්න ඒ හරියේ.

ඉස්සර පුතා ඔය හරිය සම්පුර්ණයෙන්ම කැලේ. හරියටම කිව්වොත් රබර් කැලේ. මම මේ කියන්නේ අවුරුදු 30-40 ට ඉස්සර ඔය හරියේ සර්ප විමානේ... ගැහැණු දෙතුන් දෙනෙකුත් මලා නයා ගහලා. උන් කැලෑ පනිනාවානේ දවල්ට දර ඇහිදින්න. දිවියොත් හිටියා දැන් අඩියෙන් අඩියට ගෙවල් තිබ්බට. ඔය පැක්ටෝරි තියෙන හරියට වෙනකන්ම කැලේ තිබුණා. මට මතක විදිහට දැන් අවුරුදු 25ක් විතර ඇති ඔය ඉඩම් එලි කරලා කට්ටි කරලා විකුණලා.

ඔව් අංකල් ඒ වගේ ඇති. මොකද මමත් පොඩියි මෙහෙට එනකොටත්

ඒකයි... පුතා ඉන්නකෝ මන් විනාඩි පහෙන් එන්නම්

කියපු අංකල් මහා ගෙවල් පැත්තට ගියා. මන් හිතන්නේ මදි පාඩුව පුරවගන්න වෙන්න ඇති. කිව්වා වගේම විනාඩි පහෙන්ම අවා. ඇවිත් ආයෙත් එයාගේ සුපුරුදු තැනම වාඩිවෙලා මගේ පැත්තට හැරුණා. අංකල්ට මගෙත් එක්ක කතාව අල්ලලා ගිහින් වගේ.

මොනවද පුතා ඔය මල්ලේ?

මේ ගෙදරට පොඩි සිල්ලර බදු ටිකක් ගත්තා හන්දියේ කඩෙන්. බෙහෙත් බැඳන් යද්දී රෑ වෙනවනේ අංකල්. කොහොමත් නමයහමාර වෙනකොට ඔය කඩය වහනවා.

පුතා ඔය කියන්නේ සමරසිංහ කඩේද?

ඔව් අංකල්

සමරසිංහ කඩේ පුතා..., ඔය හංදියේ දාපු මුල්ම කඩ තුනෙන් එකක්. කඩේ ඉන්නේ සමරසිංහ මුදලාලිගේ උන්දැයි පුතයිනේ. සමරසිංහ මුදලාලි දැනට අවුරුදු දහ දොළහකට කලින් මළා. ඊට පස්සේ ඔය උන්දැ තමයි බලා කියා ගත්තේ. පස්සේ ඉතින් දරුවෝ ලොකු මහත් වෙනකොට ඉතින් ඒවා බලා කියා ගන්න එපයි.

ඔව් ඒක තමයි

දැන් ඔය කඩේ වැඩට කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා නේද?

ඔව් අංකල්

උන් දෙන්නා නම් මහා වසවර්ති පාටයි. පේනවනේ මුණු දිහා බලපුවම. මමනම් දෙපාරක්ම ඉතුරු ගැනලා තමයි කඩෙන් එලියට බහින්නේ. මගුල්පොකුණ පැත්තේ උන්නේ ඔය. ඉස්සර පුතා ඔය මගුල්පොකුණේ මිනිස්සු හරි දරුණුයි. දැන් නම් ඔය පිට ගම් වලින් ඇවිත් පදිංචි වෙලා ඉන්න නිසා එහෙම නෑ

ඔව් අංකල් මගෙත් යාළුවෝ ඉන්නවා මගුල්පොකුණේ... එහෙම අවුලක් නැ

මගුල්පොකුණ කිව්වම මතක් උනේ. පුතාට පෙනාවා නේද ඔය වැට. මම පස් කන්ද කපලා මට්ටම් කරලා තියෙන්නේ දැන්නම්. ඔය වටෙන් එහෙ පැත්ත ඉස්සර තනිකරම ඒක අන්නාසි යාය. මගුල්පොකුණේ තමයි එහා කොන තිබුනේ. ඔය මුළු ඉඩමම අයිතිවෙලා තිබිලා තියෙන්නේ ඉස්සර සුද්දෙක්ටලු. සුද්දා ලංකාවෙන් යද්දී ඔය ඉඩම ටිකක් රදල පවුලකට පවරලා ගිහින් තියෙන්නේ. ඒ මනුස්සයා තමයි ඔය ඉඩම ඊට පස්සේ බලා කියාගෙන ඉඳලා තියෙන්නේ. පස්සේ පහු වෙනකොට ඒ මනුස්සයාගේ පුතා. පුතණ්ඩියා තමයි ඔකේ අන්නාසි වවන්න ගත්තේ. මේ සිද්දියෙන් පස්සේ තමයි ඔය ඉඩම කට්ටි කරලා වික්කේ. 

මොකක්ද අංකල් සිද්දිය

පුතාට මන් කිව්වේ මගුල් පොකුණට වෙනකන් වත්ත තිබුණා කියලා. මන් හිතන්නේ අක්කර සියකට වැඩි මිසක් අඩු නෑ. ඔහේ ඒක මායිමක අන්නාසි අඩු වෙනවා කියලා මිනිහට තේරිලා. කීප දවසක් රෑ නිදිවරන් බලන් ඉඳලත් හොයා ගන්න බැරි වෙලා. පස්සේ තමා වැඩේ තේරිලා තියෙන්නේ. වැටේ ඇමිනිච්ච පොහොර උර කැලි වලිනුයි තණකොළ පොඩි වෙච්ච හැටියෙනුයි තේරිලා හොරු සැට් එකක්ම එනවා කියලා. ගැට ටික කපන් යනවා කියලා මිනිහට හොඳටම කේන්ති ගිහින්. රෑ රැකගෙන ඉඳලා තනියම. ඔන්න ඉතින් හොරු සැට්ටෙක ඇවිත්. මුල්ම හොරා පොහොර මළු ටික වැටට උඩින් විසික්කෝ කරලා වැටේ කම්බි ටික ඈත් කරලා වත්තට රිංගලා. 

ඉතිං

මිනිහා අන්නාසි පඳුර අස්සට වෙලා වැඩේ බලාගෙන ඉඳලා තියෙන්නේ. අන්තිම කකුලත් වත්තට ගන්නකම් ඉඳලා... පුතා දන්නවද අන්නාසි ගෙඩි කපන පිහිය. අගිස්ස වක්ක ගැහිලා තියෙන්නේ? 

ඔව් අංකල් වක් පිහිය නේද?

අන්න හරි. එකෙන් මෙහෙක්කෝ කරලා කොටලා බෙල්ලටම

ඉතිං

අනිත් උන්ටික පැනලා දුවලා. පස්සේ මිනිහා හිර ගෙදරිදීම මලා...

14 comments:

  1. කිව්වහම මොකද ඔය අටමත් මඟුල්පොකුණේ එකෙක්නෙ. මහ ආනාදියා ඌත් එහෙට ඇවිත් දැන් අවුරුදු විස්සක් විසිපහක් වෙන්න එනවා. ඒ කාලෙ ඔය හරිය මහ කැලේ කිව්වත් වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ හැලපයත් ඒ හරිය ගැන දන්නවා වගේ. අටමා තවම මේ පොස්ට් එක දකින්න නැතුව ඇති. අටම්ව හම්බ වෙන්න ඕනා ලගදීම...

      Delete
  2. නැන්දා සමග වෙදකම් කරගන්න ගිය
    හින්දා පිලෝටත් දැණුනේ නෑ තනිය
    වින්දා පෙරදි අන්නසි හොරකමක භය
    ඇන්දා චිත්‍ර සේ දැණුනා ඒ හදිය.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ දුමිගේ කවියක් වැරදෙන්නේ නෑ. නොතිබුනොත් පුංචි හරි දුකක් හිතෙයි. ස්තුතියි මිත්‍රයා. අද දුකාව හම්බවෙනවා. විස්තර පසුවට කියන්නම්...

      Delete
  3. මෙහෙක්කෝ කොරලි සුපිරි පොරක් නේ හිටං....

    ReplyDelete
    Replies
    1. හැක්.. හැක්... සුපිරි සුපිරි...

      Delete
  4. දිවියෝ හිටියයි කිව්වෙ ලෙපර්ඩ්ද? කොල දිවියද?

    ReplyDelete
    Replies
    1. කොල දිවියෝ, හඳුන් දිවියෝ එහෙමත් ඉඳලා තියෙනවා. මටත් මතකයි එක පාරක් හඳුන් දිවියෙක් ලිඳට වැටිලා බෙර ගත්තා.

      Delete
  5. නැද්දම්මා බෑණට දෙන රහ උදේ බත් එක කාපු එකෙක්ට තේරෙනවා බෑනට තියෙන ආදරේ. එක පාරක් මන් මාරු කරගෙනත් කෑවා මතකද.? මගේ ඉදියාප්පන් එකත් එක්ක.

    කතාවත් රහයි.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෝමා... උබට ඕවත් මතකද බන්... හැක්...

      Delete
  6. එක හුස්මට කියෝගෙන කියෝගෙන... ආයෙත් කියෝගෙන ගිය....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වාසිතය, කියවලා සතුටු උනානම්...

      Delete
  7. අඩේහ් අන්නාසි ගෙඩි වගේද මිනිහෙගේ ජීවිතේ.
    ගොඩක් මිනිස්සුන්ට සමාව දීම හෝ ප්‍රශ්නයට වෙනත් පිලිතුරු සෙවීම කියන දේවල් වෙනුවට එකටම එන්නේ ගේම දීම කියන ක්‍රමේ.
    ඒකෙන් දෙගොල්ලෝම වැනසෙන බව තේරෙන කොට බඩු බනිස් !
    සිර ලිපිය.
    නැන්දම්මාත් දුකෙන් ඇති බෑනා කාන්තාරේ නිසා නේහ්

    ReplyDelete
    Replies
    1. ඇත්ත දුකා. මිනිස්සු සරල උත්තර හොයන්න ගිහින් ඇන ගන්නවා.
      නැන්දම්මට ගානක් නෑ බං මගේ පොටෝකොපිය ගෙදර ඉන්නවානේ...
      ස්තුතියි දුකා...

      Delete