Friday, 17 February 2017

අවසන් සිතුවිලි පොදිය...



අයියා මිරිකගෙන අල්ලාගෙන එන අත සුමුදුව රහල් බාර ගන්නේ පන්තියේ දොරකොඩ ගාවදිමයි. හරියට මන් පැනලා දුවයි වගේ. කවුපි කඩල කන්න හරිම පෙරේතයෙක්. මගේ කෑම එක දිහාට එදාට බලන්නේ කෙල ගිල ගිල. සිනි බනිස් ගෙඩිය මට දීලා මගේ කෑම එක උදුරා ගන්නවා කොහොම හරි. ඉතිං මම ටිචර්ගෙන් බැනුම් අහන්න ඕනා පෝෂ්‍යදායී ආහාර ගේන්නේ නෑ කියලා. කොයි වෙලේ බැලුවත් සාක්කුවේ 50ක්  100ක් වරදින්නේ නැ. ඉතින් මටත් ඉන්ටවල් එකට අයිස් පලමක් වරදින්නේ නෑ. නැති උනොත් වෙරළු අච්චාරුවක් නැතිනම් දිඹුල් අච්චාරුවක්. නැන්දා හැමදාම රහල්ව ගන්න එන්නේ පරක්කු වෙලා. ඉතිං මමයි, අම්මයි, රහලුයි ගේට්ටුව ගාව තියන ලොකු කොට්ටම්බා ගහේ හෙවනට වෙලා බලන් ඉන්නවා නැන්දා එනකන්. මගේ අම්මට එයත් අම්මා කියනවා. අම්මා ඇස් දෙකේ කඳුළු පුරවා ගන්නවා ඔය වෙලාවට. ඉතිං මටත් ඉරිසියයි. පහේ පන්තියෙන් හැංගුන මේ කොල්ලා ආයේ ඉස්කෝලෙන් අවුට් වෙනකන් දැක්කේ නෑ. අවුරුදු 12 ට පස්සේ ඇස් දෙක ඉස්සරහට ආවම මට ඉහුලුම් නැති උනා. ඒ ඇස් දෙක විතරක් වෙනස් වෙලා නෑ. නැතිනම් මම අඳුර ගන්නෙත් නෑ.

තවමත් එදා වගේමයි. හරියට වචන පහ හයක් වත් කතා නොකරන හැටි. වචනයක් ගන්න සියයක් දෙවල් අහන්න ඕනා. පුදුමයි මට ආදරෙයි කිව්වා. මටම එකත් කරන්න වෙයි කියලායි බයෙන් උන්නේ. එයාට මගේ මුළු නමම මතකයි... වාසගමත් හරියටම කිව්වා. ඉතිං මටත් එහෙමනේ... එකේ මොකක්ද පුදුමේ. පහේ පන්තියේදී අල්ලපු විදිහටම මගේ අතින් ඇල්ලුවේ හරියට පුරුද්දට වගේ. ඒ කරලත් යන්තන් කට කොනින් හිනා උනා. එකත් අහක බලාගෙන. මගේ මුහුණ දිහා බලලා හිනා උනාම ඔයාගේ එකවුන්ට් එකෙන් කුවේට් ඩිනාර් එකක් වත් අඩු වෙනවද රහල්. ඔය ඔක්කොම සුන්දර මතක හිතේ කොනක ඔයාම හංගලා දැම්මා. මටත් අමතක වෙලා තිබ්බ තැන් ඔයාම හාර අවුස්සලා ඔයාම වල දැම්මා. එකත් අහක බලාගෙන. ඇස් හංගන්නේ වැරදි කාරයොයි. මට නම් ඔයා ගැන එහෙම හිතෙන්නේ නෑ. ඔයා මගේ සතුට වෙනුවෙන් ඔයාගේ සතුට කැප කලා. එක එහෙමම තමයි. ඔයාට නෑ කියන්න බෑ.

මම මේ වචන කවදාවත් ඔයාගේන් බලාපොරොත්තු උනේ නෑ. "මම ඩරග් ඇඩික්ටඩ්..." ඔයා එක හරි ලේසියෙන් කියලා දැම්මා. ඔයා එදා හරියට බය උනා මාව නැති වෙයි කියලා. මම කොහොමද මගේ පුංචි කාලේ යහළුවාව එහෙම කරදරයකදී අතහරින්නේ. හාස්කමකින් වගේ ඔයා ඒ හැම දෙයකින්ම ගොඩ ආවා. ගාල්ලේ පුනුරුත්තාපන කඳවුරේ ඉඳිද්දී මම බලන්න අවේ නෑ තමයි එත් මේ නරක වැඩෙන් ඈත් වෙන්න ඔයාට ඕනා උනා. ඔයාගේ මමාට ‍ඩැඩාට මට තරම් වත් උවමනාවක් තිබුනේ නෑ ඔයා ගැන. මමාට කුවේට් වල සල්ලි හොයන එක ලොකුයිඩැඩාට ඉතින් වෙනම පවුලක් තියෙනවානේ. ඔයා රහල් නෑදෑ ගෙයක් ගෙයක් ගානේ ගිහින් ඒ ගෙදරින් බඩ පුරවාගෙන රැයවල්ගෙවලා දානවා. හරියට ඉන්නවත් තැනක් තියෙනවදඔයාම ඒ දුක මටම ඉවසන්න කියනවා. ඔය කටින්ම කියනවා ලොකු නැන්දා ඔයාව ඉපදුනේ වෙලේ ජා-ඇල ඇලට දාන්න කිව්වලු, පොඩි නැන්දා අදටත් කියලා හුල්ලනවාලු ඔයාව ඔයාගේ අම්මගෙන් ඉල්ලලත් දුන්නේ නෑ කියලා. එත් ඔයා අදටත් ඒ ගෙයක් ගානේ ගිහින් දවස ගෙවා දානවා. දෙමව්පියන්ගේ වැරදි මේ. එක බඩවැල කඩාගෙන ආපු අක්කාටත් ඔයා ගැන ගානක් නෑ. එයත් ඔයාගේ බඩට මොනවා හරි පුරවලා පලයන් කියලා එලවනවා.

රහල් ඔයා අදටත් කියන්නේ නැහැනේ ඔය කියන ගෑනිත් එක්ක මොකක්ද ඔයාගේ පවුලට තියෙන සම්බන්දෙ කියලා. මේ නයිට් කලබ් එකක වැඩ කරන ගෑනියෙක්ට මොකක්ද තියෙන සම්බන්දෙ පාතලෙත් එක්ක. ඔයයි අම්මයි ඒ ගෑනිව කුවේට් වලදී අඳුන ගත්තා කියලානේ ඔයා කියන්නේ.  ඔයා මට කරදරයක් වෙයි කියලා බයටද කියන්නේ නැත්තේ නැත්නම් මම මේ දේවල් දැන ගන්නවට ඔයා කැමති නැද්ද. ඉල්ලන ඉල්ලන හැම වෙලාවකම ඒ ගෑනිට ඔයාලා සල්ලි දෙනවා. ඔයා ආසාවෙන් හදාගෙන පැද්ද ත්‍රිවිල් එකත් ඒ ගෑනිට දීල දැම්මා. එත්... එත්... කොහොමද මම විශ්වාස කරන්නේ බ්ලවුස් එක පිටින් වත් අත නොගා දෙතොල විතරක් ඉඹලා මාව රැක්ක ඔයා වෙන ගෑනියෙක් ගාවට යයි කියලා.  මම දන්නවා මමා, ඩැඩා ඔයාව ඒ ගෑනිට සින්නකරෙටම දීලා දැම්ම. එකත් මේ අවුරුදු 38ක ගෑනියෙක්ට. කෙල්ලෙක්ට දුන්නා නම් මන් හිත හදාගන්නවා. එයාලා එහෙම කලේ ඒකම එක හේතුවක් හින්දා... ඒ ඔය ගෑනි ඔයාගේ පවුල ගැන ලොකු රහසක් දන්නවා. ඒ ඔයා මට අදටත් නොකියපු. 

(ඇගේම කතාව ඇගේම වචනයෙන්)

18 comments:

  1. තවකෙකුගේ ජීවිත තුල නොකියන්න හදන රහස්, පතුරු ගලවා, ගලවා දැන ගත යුතුද....කිසිවෙකුටවත් නොහැකිය හැකි රහස් අප කාගෙත් ජීවිත තුල තිබිය හැක. ඒවා අරුම නොවේ. එහෙම රහස් නැහැකියන්නේද බොරු කාරයෙකි. මේවා සිදුවෙන සහ සිද්ධවෙන දේවල්... ලියපන් ෆිලෝ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරුණ අදහසට. ඇය අසන්නේ ඇයට නොකියා මේ කියන කාන්තාව ලඟට ගියේ ඇයි කියලා. ඇයට එය දැනගැනීමට අයිතියක් තියෙනවා.එයයි මට කියන්නට ඕනෑ උනේ.

      Delete
  2. ලියමනනම් මරු පිලෝ.
    //ඇගේම කතාව ඇගේම වචනයෙන්//
    මේක සත්‍ය සිදුවීමක්ද ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් දුමි. මන් දන්නා කෙනෙකුගේ කතාවක්... බොහොම ස්තූතියි.

      Delete
  3. මොකද්ද පිලෝ මේ ඇත්ත සිද්ධියක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් රෝමා. මන් දන්නා කෙනෙකුගේ.

      Delete
  4. කිවයුතු නොකිවයුතු දේවල් අතර දැනගතයුතු දෙවල් වලිනුයි ජිවිතේ ගොඩනැගෙන්නේ... ලියන්න පිලෝ ලස්සනයි ලියමන.

    ReplyDelete
    Replies
    1. ඇත්ත එරන්දි. තමන්ගේ හැඟීම් බෙදාහදා ගැනීමම නේද එකට ජීවත් වෙනවා කියන්නේ. එකතු වෙලා උත්තර හොයන්න බැරි උන වෙලාවට අත්හරින්නේ වෙන කරන්නම දෙයක් නැති නිසා. මට හිතෙන්නේ මේ ඒ වගේ අවස්තාවක්... ස්තුතියි එරන්දි...

      Delete
  5. එතකොට ඒ කොල්ලා අර ගෑණිගේ හිරකාරයෙක් උනාද සදහටම

    ReplyDelete
    Replies
    1. ඒ කොල්ලා සාමාන්‍ය ජිවිතයක් ගත කරනවා. හැබැයි ඒ, ඒ ගෑනිට ඕනා විදිහට...

      Delete
  6. අගක් මුලක් වගේම ඉවරයක් නැති කතාවක්...මෙහෙම කතාත් මේ සමාජේ තියෙනවානේ ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඔව් සඳවතී... කවදාවත් ඉවර වෙන්නේ නැති ප්‍රශ්න. මොකක් හරි හේතුවක් හින්දා මිනිස්සු ඇස් හංගාගෙන ජීවත් වෙනවා.

      Delete
  7. තමන්ට ආදරේ කරන්න ඉන්නෙත් එකම කෙනයි නම්, එයත් එක්ක රහස් බෙදාගෙන, ඒ ගැටලුවෙන් ගොඩ එන්න ක්‍රමයක් හොයන එක වඩා පහසුයි කියලයි මම හිතන්නේ....තනියම ප්‍රශ්න විසඳීම හෝ ලෝකෙට බයේ ඒ ප්‍රශ්නෙම ගැලීමෙන් වෙන්නේ ජිවිතේ අපායක් වෙන එක විතරයි

    ReplyDelete
    Replies
    1. බොහොම හරි පොකුරු. මේකේ ප්‍රශ්නෙන් පැනලා දිවීමක්. කතා කරලා විසඳා ගන්න බැරි ප්‍රශ්න ආදරය කරන දෙන්නෙක්ට තියෙන්න විදිහක් නෑ.

      Delete
    2. ///// කතා කරලා විසඳා ගන්න බැරි ප්‍රශ්න ආදරය කරන දෙන්නෙක්ට තියෙන්න විදිහක් නෑ./////

      එහෙම නෙමේ....හරියට ආදරය කරන දෙන්නෙකුට ඒ වගේ ප්‍රශ්න තියෙන්න බැහැ....මට හෙන රොමැන්ටික් වදන් එනවා බං ඔළුවට. සැබෑ ආදරය තුල තියෙන්නේ ප්‍රශ්න නෙමේ පිලිතුරු......ලව් නම් ලව් පුතා, ඕක ඇතුලේ දෙකක් බැහැ. මම මෙහෙම කිව්වට, පොඩි ,චූටි නෝටි, වැඩ නොකර ඉඳලත් නැහැ. නොදන්න කමටනේ :D

      Delete
    3. හම්මේ... අරුණ සැබෑ ආදරවන්තයෙක්නේ. කතාවට සම්පුර්ණයෙන්ම එකගයි මිත්‍රයා. ලව් කරන නංගිලා මල්ලිලා මේවා දන්නේ නැද්ද නැතිනම් හිතන්නේ නැද්ද මන්දා. එකනේ අරුණ ඔය ඇසිඩ් ගහන්න, පිහියෙන් අනින්න නැතිනම් පින්තුර වීඩියෝ අන්තර්ජාලෙට දාන්න පෙලබෙන්නේ. මේ comment එකේ මගේ යහළුවට මන් අනිවාර්යෙන්ම යවනවා. එයට එක උද්දව්වක් වේවි. ස්තූතියි අරුණ මාව හරිගැස්සුවට.

      Delete
  8. මේ වගේ කතා කියවද්දී එක පාරට මතකෙට එන්නේ ප්‍රසිද්ධ බ්ලොග් රචක හිස් අහස ලියන සඳරු ගේ හැඳින්වීම
    "කතා නොකරන හිතක් ඇතුලේ කොයි තරම් නම් කතා ඇද්ද?"
    මේකත් අපේම කෙනෙක් ගේ ඇත්ත කතාවක් වෙන්න ඇති කියලා මම විස්වාස කරන්නේ

    ReplyDelete
  9. ඇත්ත දුකා. ගොඩක් මිනිස්සු හිත ඇතුලේ හංගගෙන. එලියට දාන්න බයයි. ඔව් දුකා මේක ඇත්තම කතවාක්. තවමත් මේ කතාව ඉවර උනේ නෑ. මාත් බලාගෙන ඉන්නවා...

    ReplyDelete